• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

July 26, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට වඩා, දරුවාගේ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නවලට වඩා, අම්මා තාත්තාගේ ජීවන වියදමට වඩා, අසීමිත බදු බරට වඩා මේ පනත ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන්ගේ කාලය දික් කරන්න ඕනේ කියලා, ඔබ යන්න ජනමත විචාරණයකට. ​අපි අභියෝග කරනවා! ආණ්ඩුවට හැකියාවක් තියෙනවා නම් ජනමත විචාරණයකට ගිහිල්ලා ජනතාවට අවස්ථාව දෙන්න. ජනතාව තීන්දු කරනවා නම් කාලය දික් කරන්න ඕනේ කියලා, ඒක ජනතාව තීන්දු කරයි යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ 2026.07.25 දින ජාඇල පැවති රැස්වීමක් අමතමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා. Sri Lanka Latest News

​අද දිනෙන් දින ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය බිඳවැටෙමින් පවතිනවා. ඇයි ඒ? එක පැත්තකින් ආණ්ඩුව බලයට එන්න අසීමිත බොරු කිව්වා. එක බොරුවක් වහගන්න අද තව බොරු සියයක් කියන්න වෙලා තියෙනවා ආණ්ඩුවට.
​තවත් පැත්තකින් තමන් තියපු බලාපොරොත්තු, වෙච්ච පොරොන්දු ආණ්ඩුව ඉටු කරන්නේ නෑ.

​මේ රටේ තරුණ පරම්පරාවට බලාපොරොත්තුවක් දුන්නා ආණ්ඩුව වෙනසක් කරන්න. අවුරුදු ගණනාවකට පස්සේ ප්‍රධාන දේශපාලන ධාරාවෙන් පිට පක්ෂයක් අසීමිත බලයක් එක්ක රාජ්‍ය පාලනයට ගෙනාවා. ඒ මිනිස්සුන්ගේ තුළ යම් විශ්වාසයක් තිබ්බා. ඔවුන් හිතුවා පෙර පක්ෂවලට ආණ්ඩුවලට සාපේක්ෂව යම් අලුත් දෙයක් කරයි කියලා.
​හැබැයි යථාර්ථය මගේ මිත්‍රවරුනි, තිබ්බටත් වඩා ගතානුගතික දේශපාලන ප්‍රතිසම්ප්‍රදායක් මේ රටේ අනුගමනය කරන්න පටන් ගත්තා.

​මේ රටේ යම් වෙනසක් වෙමින් තිබ්බා. 2015ට පෙර මේ රටේ ආර්ථික වශයෙන් මහා දැවැන්ත පෙරළියක් ඇති වුණා. 2015 පරාජයත් එක්ක තමයි මේ රටේ පසුබෑම ඇති වෙන්නේ.
​එදා කොළඹ වරාය නගරය අපි හැදුවේ මහා දැවැන්ත සැලැස්මක් ඇතුව. විශේෂයෙන් බස්නාහිර පළාතේ මේ රටේ තරුණ පරම්පරාවට නූතන ගනුදෙනුකරණයත් එක්ක සම්බන්ධ කරන්න, නූතන ලෝකයේ බිහිවෙන රැකියාවන්වලට මේ රටේ තරුණ පරම්පරාව යොමු කරන්න, ලෝකයේ ගනුදෙනුකරණයේ කේන්ද්‍රස්ථානයක් බවට ඩුබායි, සිංගප්පූරුව, හොංකොං, එංගලන්තය, නිව්යෝර්ක් එක්ක කරට කර හැප්පෙන්න පුළුවන් ප්‍රතිපත්තියක් එක්ක ලෝකයේ ගනුදෙනුකරණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න අපිට ඉලක්කයක් තිබ්බා.

​ඒක බොහෝ දේශපාලඥයන්ට ආණ්ඩුවලට තේරුණේ නෑ. ඒ හින්දා සමහර නායකයෝ කිව්වා මේක හදන්න සීගිරියත් කඩන්න වෙයි කියලා. අද පෝට් සිටියත් තියෙනවා සීගිරියත් තියෙනවා.

​හයිවේ එක හදනකොට කිව්වා බල්ලො බලල්ලුන්ට පාර මාරු වෙන්න විදියක් නෑ කියලා. එහෙම පටු මානසිකත්වයක් තියෙන නායකයන්ට රාජ්‍ය බලය අසීමිත විදියට ලැබුණත් මේ රටේ තරුණයන්ගේ, දෙමාපියන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්න බෑ.​ආණ්ඩුව සංවේදී නෑ. ඇහුම්කන් දෙන්නේ නෑ.
​මේ රටේ ගොවි ජනතාව ඇවිල්ලා තමන්ගේ ප්‍රශ්නය කිව්වම, ගොවියා කසිප්පුකාරයෙක් කියලා කියනවා.
​වී මිල ගැන ගොවියා කතා කරාම, ‘නෑ අපි දෙන්නේ නෑ’ කියලා කියනවා.
​පොහොර ටික වෙලාවට ගොවියාට ලැබෙන්නේ නෑ. ගොයම් කැපෙන කාලේ බලලා මිත්‍රවරුනි හාල් පිටරටින් ගේනවා. අවසානයේ නගරයේ ජීවත් වෙන ඔබටවත් සාධාරණ මිලට හාල් ලැබෙන්නේ නෑ.
​ජීවන වියදම අසීමිත විදියට වැඩි වෙනවා. අසීමිත බදු බරක් තියෙනවා.
​දිනෙන් දින ජීවන වියදම වැඩි වෙනවා වගේම රටේ ජනතාවට දරාගන්න බැරි තැනට අද ආර්ථිකය පත් වෙමින් පවතිනවා.

​එක පැත්තකින් විදුලි බිල, ජල බිල්,තවත් පැත්තකින් අසීමිත බදු බර. ආදායම අඩු වෙනවා. ආදායම අඩු වෙනවා පමණක් නෙවෙයි, වෙළඳ ව්‍යාපාර කඩාගෙන වැටෙනවා.
​අද කර්මාන්තශාලා වැහෙනකොට ඒ වෙනුවෙන් කතා කරන්න ඇමතිවරයෙක් නෑ, ආණ්ඩුවක් නෑ.
​ආයෝජකයෝ ආරක්ෂා කරන්න ඕනේ. ආයෝජකයෝ ආරක්ෂා කරගත්තේ නැත්නම් ඔහු කර්මාන්තශාලාව, සංචාරක ව්‍යාපාරය වෙන්න පුළුවන්, කර්මාන්තශාලාවක් වෙන්න පුළුවන්, මූල්‍ය ආයතනයක් වෙන්න පුළුවන් වහලා යනවා යන්න.
​අවසානයේ රැකියා අහිමි වෙන්නේ අපේ රටේ. විදේශ විනිමය අහිමි වෙන්නේ අපේ රටට.
​මැදපෙරදිග වෙන්න පුළුවන්, කොරියාවේ වෙන්න පුළුවන්, ඉතාලියේ, රුමේනියාවේ වෙන්න පුළුවන්, යුරෝපයේ, ඇමෙරිකාවේ වෙන්න පුළුවන්, බොහොම අමාරුවෙන් හම්බ කරලා එවන සල්ලි ටික ජපානේ වෙන්න පුළුවන්, බොහොම අමාරුවෙන් හම්බ කරලා ලංකාවට තමන්ගේ දෙමාපියන්ට, තමන්ගේ පවුලේ අයට කීයක් හරි යැව්වම ඒකටත් බද්දක් ගහනවා.
​අසාධාරණ බදු ප්‍රතිපත්තියක්.

​මේ රටේ ජනතාව බදු ගෙවන්න සූදානම්. එකක් ඒ ගෙවන බදු සාධාරණයි නම්. තවත් පැත්තකින් ගෙවන බද්ද රටේ ආයෝජනය වෙනවා නම්. ගමේ පාර, පන්සල, පල්ලිය, කෝවිල, ඉස්කෝලේ, ඉස්පිරිතාලේ හැදෙනවා නම් ,ඉස්පිරිතාලෙට බෙහෙත් ටික ගෙනත් දෙනවා නම්, පාසලට ගුරුවරු ටික දෙනවා නම්,තවත් පැත්තකින් ගමේ විදුලිය පහසුකම් ටික හැදෙනවා නම්,නෑ, ආණ්ඩුව ඒ සල්ලි ඒවට ආයෝජනය කරන්නේ නෑ.

​හැබැයි ජනාධිපතිවරයා උජාරුවෙන් කියනවා මට මගේ ගිණුමේ දැන් ට්‍රිලියන ගාණක් සල්ලි තියෙනවාලු. හැබැයි ජනාධිපතිතුමා දන්නෑ වගේ බලන් හිටියට, හැකර් කෙනෙක් පැනලා ඒකෙන් භාගයක් අරන් ගිහිල්ලා.
​අන්තිමට බදු මුදල් ජනතාවටත් නෑ, ආණ්ඩුවටත් නෑ. කවුද හැකර් කියලා තාම දන්නෙත් නෑ. හැකර් ඉන්නේ පැලවත්ත කාර්යාලයේද කියලා කියන්න අපි දන්නෙත් නෑ. වෙන්න පුළුවන්.
​අද වෙනකන් පෞද්ගලික බැංකුවකින් බිලියන 13ක් අතුරුදහන් වුණා. මුදල් අමාත්‍යාංශයවත් මහ බැංකුවවත් ක්‍රියාත්මක වුණේ නෑ.
​පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා අපිට මේ මුදල් හොයාගන්න විදිහක් නෑ. අහනවා නිලධාරීන්ගෙන්, මන්ත්‍රීවරුන්ගෙන් ‘මොකක්ද විකල්පය?’ ජනතාව පිට ඒක පටවල, ජනතාවගෙන් අපිට අයකර ගන්න වෙනවා.

​ආණ්ඩුව හැකර් පන්නලා සල්ලි නැති කරගන්නත්, ඔබ බදු විදියට නැවත වතාවක් ආණ්ඩුවේ වංචා දූෂණයන් වහගන්න සල්ලි ගෙවන්න ඕනේ.
​ලෝකයේ වැඩිම ලංසුව දීලා තෙල් මිලදී ගත්තු රට බවට අපි පත් වුණා. දැන් ඒක දූෂණයක් නෙවෙයිනේ.
​ජාත්‍යන්තර බැංකුවක ප්‍රධානියෙක් ඒ පිළිබඳව ලෝකයට කියනකන් අපේ ආණ්ඩුව කටවහගෙන හිටියා. අපේ ආණ්ඩුව ඒක පිළිගත්තේ නෑ. හැබැයි ජාත්‍යන්තර බැංකුවක ප්‍රධාන නිලධාරියෙක් ඒ පිළිබඳව කතා කෙරුවා. ඒ පිළිබඳව කතා කෙරුවා.

​අද බන්ධනාගාර ටික පිරෙනවා. ආණ්ඩුව හරි ආඩම්බරයෙන් කියන්නේ, නේ? එයාලා හිතන් ඉන්නේ රටේ බන්ධනාගාර පිරෙන එක ලොකු සංවර්ධනයේ මිනුම් දණ්ඩක්, නිර්ණායකයක් කියලා. ඒක ජේවීපී එකේ නිර්ණායකයක් වෙන්න පුළුවන්. ජේවීපී එකේ න්‍යාය පත්‍රය අනුව අපේ හාමුදුරුවනේ බන්ධනාගාර පිරෙන එක හොඳ වෙන්න පුළුවන්. මොකද එයාලට පුරුදු ඒ දේශපාලනය.

​අද රස පරීක්ෂක වාර්තා පරක්කු වුණු නිසා 15,000කට වැඩිය ඉන්නවා රැඳවියෝ. 15,000කට වැඩිය.
​ආණ්ඩුව අද වෙනකන් රස පරීක්ෂක වාර්තා පැය 24න් හෝ 48න් ගන්න පුළුවන් තාක්ෂණය ගේන්න මැදිහත් වුණාද?
​පනත්, අණපනත් වෙනස් කරලා, කඩිනමින් මේ නඩු අහන්න අවශ්‍ය නීති සම්පාදනය කරලා, විෂ ද්‍රව්‍ය සම්බන්ධයෙන් පනත හදලා ජනවාරි මාසේ වෙනකොට අමාත්‍යවරයට යවලා තියෙන්නේ. නෑ, අද වෙනකන් ඒවා පාර්ලිමේන්තුවට දාන්න ගියේ නෑ.
​අද වෙනකන් ආණ්ඩුවට උවමනාවක් නෑ ඒවා දාන්න. හැබැයි බන්ධනාගාර ටික පුරවන්න මාධ්‍ය සංදර්ශන දාන්න ආණ්ඩුව කටයුතු කරනවා.
​සංවිධානාත්මක අපරාධකරුවෝ අල්ලනවලු. ආණ්ඩුව කියනවා. මිනිස්සුත් අහනවා. හැබැයි අනේ අපේ හාමුදුරුවනේ වෙඩි තියෙන එක නතර වෙලා නෑනේ. ඊයේ දවසක… ඊයේ දවසට සිදුවීම් හතරයි.

​අද එක පැත්තකින් ඩෙංගු හින්දා දෙමාපියෝ තමන්ගේ දරුවන්ගේ ජීවිත පිළිබඳව අවිනිශ්චිතතාවයක් තියෙනවා. හවස් වෙනකොට දරුවෝ එළියට දාන්න දෙමාපියෝ බයෙන්. ඉස්පිරිතාලෙකට ගියාම බෙහෙත් නෑ. ඉස්පිරිතාලවල බෙහෙත් නෑ.
​තවත් පැත්තකින් ඇඳකට රෝගීන් දෙන්නෙක්, තුන්දෙනෙක් දාලා තියෙනවා. දැන් මේවට විසඳුම් දෙන්න ආණ්ඩුවට උවමනාවක් නෑ.

​පසුගිය කාලේ ඩෙංගු ගැන කතා කරාම අඩුම ගානේ රෝගීන් 10ක් ඕනේ කිව්වා දුම් ටිකක් ගහන්න. දැන් හරිනේ, 80,000ක් ඉන්නවා. දැන් දුම් ගහන්න පුළුවන් ආණ්ඩුවට.
​අපි ගම්වලට ගියාම තරුණයෝ අපිට කියන්නේ, ‘මේ ආණ්ඩුව තියෙන වෙලාවේ කොවිඩ් වසංගතය එහෙම තිබ්බා නම් මොනවා වෙයිද’ කියලා. ඒ ගම්වල ජනතාවගේ මතය. කොවිඩ් තිබ්බා නම් මොකක්ද වෙන්නේ කියලා.

​සංවිධානාත්මක අපරාධ දිනෙන් දින වැඩි වෙනවා. ආණ්ඩුව මේක යටගහනවා. ආණ්ඩුව මේක විපක්ෂයට දානවා. ආණ්ඩුව මේක විපක්ෂය විසින් කරන කාර්යයක් බවට හුවා දක්වන්න උත්සාහ කරනවා.
​ඒකෙන් ආණ්ඩුවේ යටි අරමුණ මොකක්ද? ආණ්ඩුවේ යටි අරමුණ පැහැදිලිවම මේ සිද්ධි යටගහන්න. ආණ්ඩුව විසින් පෝෂණය කරන සංවිධානාත්මක අපරාධකරුවෝ ආරක්ෂා කරන්න. ආණ්ඩුව විසින් පෝෂණය කරන සංවිධානාත්මක අපරාධකරුවන් ආරක්ෂා කරන්න. ඒක තමයි ආණ්ඩුවේ දේශපාලන න්‍යාය.

​ඒ තුළ ආණ්ඩුව හිතනවා විපක්ෂය බය කරලා, රටේ ජනතාව බය කරලා ආණ්ඩුව අරගෙන යන්න.
​දැන් මේ දවස්වල අර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා අපේ හාමුදුරුවනේ? ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට වේලාවක් නෑ දැන්. මොකද විපක්ෂය මර්ධනය කරලා ඉවරයි. තව ටිකක් ඉන්නවලු, තව ටික දවසකින් මර්ධනය කරනවලු. දිව්‍ය ලෝකේ ගියපු කතාවකුත් කිව්වා.
​දැන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විපක්ෂය මර්ධනය කරනකොට, විපක්ෂය මර්ධනය කරන්න පොලීසියත් ත්‍රිවිධ හමුදාවත් පාවිච්චි කරනකොට සංවිධානාත්මක අපරාධකරුවෝ නිදහසේ වෙඩි තිය තිය යනවා.
​ඇයි? ආණ්ඩුවේ ඇමතිවරයෙක් ඇමතිවරු පත්කරලා තියෙන්නේ විපක්ෂය මර්ධනය කරන්න. ඒ අය හිතනවා අවුරුදු 200ක් ඉන්න, අවුරුදු 20ක් 30ක් රාජ්‍ය පාලනය තියාගන්නවලු. තියන්න හදන්නේ කොහොමද? වැඩ කරලා එහෙම නෙවෙයි. වැඩ කරලා නෙවෙයි. මර්ධනය කරලා, හිරේ දාලා, විපක්ෂය මර්ධනය කරලා අපි රාජ්‍ය පාලනය අරගෙන යනවා.
​දැන් මේ ප්‍රශ්න අස්සේ එක පැත්තකින් ගොවි ජනතාව මහපාරට බැහැලා, අනික් පැත්තෙන් ධීවර ජනතාව අසරණ වෙලා, උසස් පෙළ ලියන ශිෂ්‍යයෝ විභාගයට සූදානම් වෙන්න විදියක් නැතුව මානසික දැඩි පීඩනයකින් ඉන්නවා, අධ්‍යාපන ඇමතිවරයා ඇහුම්කන් දෙන්නේ නෑ, අධ්‍යාපන ඇමතිවරිය හම්බවෙන්න බෑ, ක්‍රීඩකයෝ චෝදනා නගනවා ක්‍රීඩා ඇමතිවරයා හම්බවෙන්න බෑ කියලා, ක්‍රීඩා ඇමතිවරයාට ඕන විදියට ක්‍රීඩකයෝ ප්‍රැක්ටිස් කරන්න ඕනේ දැන්.

​සාමාන්‍යයෙන් පුහුණුකරුවා සහ ක්‍රීඩකයා තමයි ක්‍රීඩාව කරන්නේ. පරිපාලනය සහ නායකත්වය තමයි ක්‍රීඩා ඇමති දෙන්නේ. දැන් ක්‍රීඩා ඇමති ෂෙඩියුල් එක හදලා තියෙනවා අපේ ක්‍රීඩකයන්ට, ‘ඔයා මේ විදියට පුහුණු කරන්න, ඔයාගේ විදියට කරලා හරියන්නේ නෑ’ කියලා.
​හැම එකම ඒ අයගේ මානසිකත්වයක් තියෙනවා ඒ අයගේ විදියට වෙන්න ඕනේ. ක්‍රිකට් ගහන්න ඕනේ ඒ අයගේ විදියට, දුවන්න ඕනේ ඒ අයගේ විදියට, කබඩි ගහන්න ඕනේ ඒ අයගේ විදියට, එල්ලේ ගහන්න ඕනේ… ඇමතිවරයාට ඕන විදියට.

​එවැනි මහා පහත් සහ පටු මානසිකත්වයකින් සමාජය දිහා බලන්නේ, රට දිහා බලන්නේ.
​දැන් ආණ්ඩුව මේ ඔක්කොම ප්‍රශ්න අස්සේ මිනිස්සු, ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ කාලය දික් කරන්න කතා කරනවා.
​දැන් ආණ්ඩුව හිතනවා නම් මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය.

මං දැක්කා අද එක් ඇමතිවරයෙක් කියනවා ‘පාර්ලිමේන්තුවේ රාජපක්ෂලගේ නඩු ඉක්මනට අහන්න මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයා ඉන්න ඕනේ’ කියලා. මේ මම නෙවෙයි කියන්නේ, ජේවීපී එකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඉතින් ඕක අපිට කිව්වා නම් ඉවරයි රටේ මිනිස්සුන්ට, නේ? ඒකේ යටි අරමුණක් තියෙනවා නම්, ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දික් කරන්න, වයස වැඩි කරන්න උවමනාව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ඒකට විරුද්ධ වෙද්දී, ආසියාතික නීතිඥ සංගමය විරුද්ධ වෙද්දී, ලංකාවේ නීතිඥ සංගමය විරුද්ධ වෙද්දී… මං දැක්කා ඒ ඇමතිවරයාම ලංකාවේ මන්ත්‍රීවරයාම ලංකාවේ නීතිඥ සංගමයේ සභාපතිවරයාට බනිනවා. එදා ඒ නීතිඥ සංගමයත් එක්ක තමයි අරගලයේ වෙලාවේ අප්පුඩි ගහලා ගෙවල් ගිනි තිබ්බ අයව බේරගත්තේ. මතකයිනේ? අධිකරණයෙන් එළියට අප්පුඩි ගහලා ගත්තේ. එතකොට යාළුයි හොඳයි.
​අපේ වැරදි පෙන්වනකොට නීතිඥ සංගමය හොඳයි, හැබැයි එයාලගේ වැරදි පෙන්වනකොට ඒ නීතිඥ සංගමයත් හොරු. ඒ නීතිඥ සංගමයත් හොරු.

​ඉතින් අද ආණ්ඩුව පැහැදිලිවම, අද පාර්ලිමේන්තුව තුළ පැහැදිලිවම ආණ්ඩුවේ ඇමතිවරු ප්‍රකාශ කරේ තමන්ගේ මර්ධනය ක්‍රියාත්මක කරන්න මේක කරන්න ඕනේ කියන කාරණය. නෑ, අපි කියන්නේ ඒක නෙවෙයි.
​පාර්ලිමේන්තුව තුළ හැම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ, ඇමතිවරයෙක්ගේම කතාවේ අන්තර්ගතය වුණේ මර්ධනය ක්‍රියාත්මක කරන්න නම්, මර්ධනය ක්‍රියාත්මක කරන්න නම් මේ අභියෝග පනතින් ඉන්න ඕනේ.

​රටේ පුරවැසියාට අයිතියක් තියෙනවා ඕනෑම පනතක් පිළිබඳව අධිකරණයට යන්න. ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව අධිකරණයට යන්න.
​හැබැයි මේ අධිකරණයේ අයට මේ පනත සම්බන්ධයෙන් අධිකරණයට ගියාම ගරු විනිශ්චයකාරවරුත් අසරණ වෙනවා. ඔවුන්ගේ කාලය දික්කිරීම සම්බන්ධයෙන් ඔවුන්ටම තීන්දුවක් දෙන්න වෙනවා.
​එහෙම නම් අපි ආණ්ඩුවට කියනවා, ජනමත විචාරණයකට යන්න,ජනතාවට බලය දෙන්න.

​ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට වඩා, දරුවාගේ අධ්‍යාපනයේ තියෙන ප්‍රශ්නවලට වඩා, අම්මා තාත්තාගේ ජීවන වියදමට වඩා, අසීමිත බදු බරට වඩා මේ පනත ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන්ගේ කාලය දික් කරන්න ඕනේ කියලා, ඔබ යන්න ජනමත විචාරණයකට.
​අපි අභියෝග කරනවා! ආණ්ඩුවට හැකියාවක් තියෙනවා නම් ජනමත විචාරණයකට ගිහිල්ලා ජනතාවට අවස්ථාව දෙන්න. ජනතාව තීන්දු කරනවා නම් කාලය දික් කරන්න ඕනේ කියලා, ඒක ජනතාව තීන්දු කරයි.​හැබැයි ඒක අපිට තීන්දු කරන්න අයිතියක් නෑ. අපට තීන්දුවක් තීන්දු කරන්න අයිතියක් නෑ.

​මිත්‍රවරුනි, අපි ශක්තිමත් දේශපාලන බලවේගයක් ගොඩනගමු. අපි ගම්මට්ටමෙන් පෙළගැහෙමු. මේ කොට්ඨාසවල ඔබ තමුන්නාන්සේලා ශක්තිමත්ව එකතු වෙමු. අපි නූතන පරම්පරාවක් එක්ක දේශපාලනය කරමු. මේ ඉන්න තරුණ පිරිසක් එක්ක අපි දේශපාලනය කරමු.
​මොකද අපි විශ්වාස කරනවා මේ තරුණයන්ට ගැලපෙන රටක් අපි හදන්න ඕනේ. අනාගතයේ උපදින්න ඉන්න පරම්පරාවට හරියන රටක් අපි හදන්න ඕනේ. ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු කරන්න පුළුවන්, ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන්, ඔවුන් ජීවිතය පිළිබඳව දෙමාපියෝ තමන්ගේ දරුවන්ගේ ජීවිතය පිළිබඳව අපේක්ෂාවෙන් ඉන්නවා නම් අන්න ඒ අපේක්ෂාවන් මුදුන්පත් කරගන්න… මුදුන්පත් කරගන්න පුළුවන් දේශපාලන බලවේගයක් අපි හදන්න ඕනේ.
​ඒක නූතන පරම්පරාවට ගැලපෙන දේශපාලන බලවේගයක් මිසක් යල්පැන ගියපු, වෛරය, ඊරිසියාව, කුහකත්වය කේන්ද්‍ර කරගත් දේශපාලන බලවේගයක් නෙවෙයි.

​අන්න එවැනි දේශපාලන බලවේගයක් අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට ගොඩනගනවා. අන්න ඒ ගොඩනගන දේශපාලන බලවේගයේ කොටස්කරුවන් බවට පත්වෙන්න ඔබ තමුන්නාන්සේලා අත්වැල් බැඳගමු කියන ආරාධනය කරමින්, ඔබ සැමට සුබ අනාගතයක් පතමින් තෙරුවන් සරණ පතනවා!

SendShareShare
Previous Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News
Exclusive

රජිව් ප්‍රකාශ් ජයවීර – දිනේෂ් ෂාෆ්ටර් – රංග නිශාන්ත රාජපක්ෂ – කපිල චන්ද්‍රසේන – සී.ඩී. වික්‍රමරත්න! රටටම අබිරහසක් ඉතුරු කරපු සියදිවි නසාගැනීම්! Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.