ඇඹිපිටියේ 99 කණුව ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හල තුළ ඇතිවූ නොසන්සුන්තාවයක් පාලනය කිරීමට මැදිහත් වූ හමුදා සෙබලෙක් පිහි ඇණුමකට ලක්ව රෝහල් ගතකර තිබේ.
මෙම ඉන්ධන පිරවුම්හලට දින 05කට පසුව අද දින ඉන්ධන ලැබී ඇති අතර පැය කිහිපයක් තුළ එම ඉන්ධන තොගය අවසන් වීමත් සමඟ ඉන්ධන අපේක්ෂාවෙන් පොලිමේ සිටි ජනතාව නොසන්සුන් වී ඇති බව ඇඹිලිපිටිය පොලීසිය සඳහන් කරයි.
එම අවස්ථාවේ ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරීන් තත්ත්වය පාලනය කිරීමට මැදිහත්වූ අවස්ථාවේදී කලහාකාරී පුද්ගලයෙක් මෙසේ හමුදා සාමාජිකයාට පිහියකින් ඇන තුවාල කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
එම සෙබලාගේ ගිනි අවියද කළහාකාරීව සිටි එම පුද්ගලයා උදුරාගෙන ඇති බවද ඇඹිලිපිටිය පොලීසිය සඳහන් කරයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ කදුරුගස්ආර ඉන්ජිනේරු බලකා කඳවුරට අනුයුක්ත හමුදා සාමාජිකයෙකි.










