පෙරළිය සහ වර්ධනය සඳහා තීරණාත්මක සාධක ලෙස අනාගතවාදී තාක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු පුරවැසියන් හඳුනා ගැනේ
මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සහ තාක්ෂණ සේවා සැපයුම්කරුවන SLT-MOBITEL, තීරණාත්මක සේවා සහ අංශ පුළුල් කිරීම සහ පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා වන සිය ජාතික යෝජනාවලිය පසුගියදා එළිදැක්වූයේය.
විදුලි සංදේශ සහ තාක්ෂණ අංශයේ මෙරට වඩාත් ශක්තිමත්ම සන්නාමයක් ලෙස SLT-MOBITEL, මෙරට ජාතික ඩිජිටල් පෙරළියක් ඇති කිරීම සඳහා ඇති ප්‍රධානතම බාධක ලෙස සම්ප්‍රදායික ක්‍රමවේද, අකාර්යක්ෂමතාව, දූෂණය, අධික මෙහෙයුම් පිරිවැය සහ නාස්තිය හඳුනාගෙන ඇත.
පුරවැසි අනන්‍යතා ඩිජිටල්කරණය සහ සවිමත් ඩිජිටල් ආරක්ෂක සහ පුද්ගලිකත්ව පද්ධති සමගින් පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම, නව ජාතික ඩිජිටල් පෙරළියක් සඳහා SLT-MOBITEL යෝජනාකරන යෝජනාවලියේ පදනමයි. එම යෝජනාවලිය, මෙරට තීරණාත්මක මෙහෙයුම් කටයුතුවල සියලු අංශ තුළ ඩිජිටල් වාණිජ්‍යය සහ E-පාලනය හඳුන්වා දීම සඳහා අවශ්‍ය නව්‍ය තාක්ෂණික ක්‍රමවේදවල පදනම වනු ඇත. SLT-MOBITEL සමාගම සුව සේවා, අධ්‍යාපනය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, අධිකරණ ක්‍රියාවලි සහ බැංකුකරණ හා මුල්‍යයනය යන අංශ මෙම නව ක්‍රමවේදය හරහා වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු මෙරට වඩාත් තීරණාත්මක අංශ සහ සේවා ලෙස හඳුනාගෙන ඇත.
රජයේ හිමිකාරිත්වය සහිත ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරුවෙකු ලෙස මීට වසර 160 කට ඉහතදී ආරම්භ කෙරුණු SLT-MOBITEL සමාගම, තාක්ෂණික සහ සබඳතා විසඳුම්, පරිපූර්ණ තාක්ෂණික පදනම්, උසස් ජාල ප්‍රධාන සේවා සහ ඩිජිටල් යටිතල පහසුකම් පිරිනමන ඉහල ලාභයක් සහ කාර්යක්ෂමතාවක් සහිත කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් දක්වා වසර ගණනක පටන් පරිවර්තනය වී තිබේ.