ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, රුහුණු කතරගම මහා පෙරහැරට සිය බැතිබර දායකත්වය ලබා දුන්නේය.
වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති නිර්දේශවලට අනුකූලව එම පෙරහැර පසුගියදා වීදි සංචාරය කෙරිණි.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වාර්ෂිකව සංවිධාන කරනු ලබන එම පෙරහැර සම්ප්‍රදායික චාරිත්‍ර සහ වතාවත් පිළිබිඹු කරන ජාතික මහෝත්සවයක් වන අතර, එය සාර්ථක කරගැනීම සඳහා SLT-MOBITEL Mobileහි ප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් මහතා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේතුමන් වෙත දායකත්වය පිරිනැමුවේය.











