• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩෙල්ටා යද්දී එන්න හදන ‘එප්සිලන්’ කොච්චර භයානකද? දැනටමත් පාකිස්තානයට ඇතුල්වෙලා!

August 11, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ඩෙල්ටා යද්දී එන්න හදන ‘එප්සිලන්’ කොච්චර භයානකද? දැනටමත් පාකිස්තානයට ඇතුල්වෙලා!
Share on WhatsAppShare on Facebook

ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා, ඊටා, කීටා, කප්පා, ලැම්ඩා, ලොටා, සෙටා යන මේ ගණන්කාරයන් නොහොත් කෙරුම්කාරයන් දසදෙනාය. මේ වන විට ලොව පුරා ඉවක් බවක් නැතිව අහිංසක මිනිස් ජීවිත මිලියන ගණනින් ගිලගන්නා මාරාවේශ කොරෝනා යක්ෂයාගේ දසමාර පිරිවර සඳහන් වන්නේ මේ ආකාරයටය. 2019 වසර අගදී චීනයේ වූහාන් කොරෝනා තිඹිරි ගෙයින් මේ මාරයා එළි බසින විට මෙවැනි නම් ගම් කිසිවක් ලොව දැන සිටියේ නැත. එතැනදී සියල්ල හැඳින්වූයේ ‘සාර්ස්-කොව්-02 යන නාමයෙන් පමණි. එහෙත් දැනට වසර එකහමාරක් ගතවත්ම කලින් කලට මේ කොරෝනා මාරයාට නැදෑ පිරිවරක්ද එකතු වුණේය. එනම් කලින්, කලට කොරෝනා මාරයාගේ සවි ශක්තිය වැඩි කළේ මෙම ‘දසමාර සේනාව’ විසිනි. කෙසේ හෝ මෙම මාර සෙනඟට මෙයට ටික දිනකට ඉහතදී එකතු වුණේ තවත් අලුත්ම සාමාජිකයෙකි. ඔහු නම් ‘එප්සිලන්’ය. ‘එප්සිලන්’ මේ සියල්ලන්ටම වඩා මහා බලගතු කෙරුම්කාරයෙකි.

අද ලොව පුරා ප්‍රචණ්ඩකම්, මැරකම් පෙන්වන මෙම පිරිවර නම්, ‘කොවිඩ්-19’ ප්‍රධාන රෝග වෛරසයේ විවිධ ප්‍රභේදයන් ය. මුලින් පටන්ගත් කොරෝනා වෛරසය කලින්, කලට ප්‍රබලව ශක්තිමත් වන්නට ගත්තේ මෙම ප්‍රභේදයන් හරහාය. අද ලොව ඇති එකම ප්‍රබලතම මාරක වෛරසය ලෙස සැලකිය හැක්කේ, ‘සාර්ස්-කොව්-01’ වෛරසය පමණි. එය තව, තවත් මිනිසාට බියකරු වූයේ විවිධ නව ප්‍රභේදයන්ගේ බිහිවීම හරහාය. මිනිසා විසින් මාරයා පරදවන්න වෙර දරන විටදී, මාරයාද තව, තවත් ශක්තිමත් වීම සිදුවීම මෙයින් අර්ථවත් වෙයි. මෙලෙස විවිධ කොවිඩ් වෛරස ප්‍රභේද 10ක් තිබුණත් පසුගියදා සොයාගත් අලුත්ම ප්‍රභේදය වන ‘එප්සිලන්’ යනු අතිශය ප්‍රචණ්ඩකාරී ප්‍රභේදයක් බැව් දැන් අනාවරණය වී ඇත. ‘එප්සිලන්’ මෙසේ බියකරු වීමට හේතුව ලෙස පර්යේෂණ මගින් පෙනී ගොස් ඇත්තේ, එම ප්‍රභේදය බොහෝ කොවිඩ් මර්දන එන්නත්වලට මෙල්ල කළ නොහැකි එකක් වීම නිසාය. මෙයට පෙර තිබුණු ප්‍රභේද 10ම බොහෝ එන්නත්වලට මර්දනය කිරීමට හැකි වුවද, ‘එප්සිලන්’ ප්‍රභේදය මර්දනය කිරීම ඉතා දුෂ්කර කාරියක් වී ඇත. ඒ හෙයින් දැන් මේ තත්ත්වය ලොවට මහත් තර්ජනයක් වී ඇති අතර, ලොව පුරා මේ වන විට මහත් කතාබහටද ලක්වී ඇති විශේෂිත වගතුගක්ද වෙයි.

මෙම නවතම ‘එප්සිලන්’ ප්‍රභේදයට අන්තර්ගත විකෘති තුනක් ඇති බැව් මේ වන විට වෛද්‍ය පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. මෙම විකෘති ජාන විපර්යාසයන් ලෙසද හැඳින්විය හැකි අතර, මේ මගින් පුද්ගලයන්ගේ රුධිර ප්ලස්මාවල (තරලයෙහි) ඇති ප්‍රතිදේහවල සඵලතාවය හීන කරන බැව් පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එවිට සිදුවන්නේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය මඟහැරීම යැයි කරුණු අනාවරණය වී ඇත. මෙවැනි තත්ත්වයක් තිබෙන විටදී ‘කොවිඩ්-19’ රෝගයට එරෙහිව සිදුකරනු ලබන එන්නත්කරණයේදී ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතිය. එනම් එම එන්නත් වර්ගවලින් යම් පුද්ගලයකුගේ ශරීරය තුළ ප්‍රතිදේහ ගොඩනැඟුණද, ‘එප්සිලන්’ ප්‍රභේදයට එම ප්‍රතිදේහ අකර්මණ්‍ය කිරීමේ හැකියාවක් ඇත. අවසානයේදී ප්‍රතිදේහ ශක්තිමත් නොවී ‘එප්සිලන්’ ප්‍රභේදයේ විකෘතීන් ශක්තිමත්වී එම පුද්ගලයාට කොරෝනා රෝගය ආසාදනය වීම සිදුවෙයි. ‘කොවිඩ්-19’ වෛරසයට නිරාවරණය වූ පුද්ගලයන් මෙන්ම, එන්නත් ලබාගත් පුද්ගලයන්ගෙන්ද ලබාගත් රුධිර ප්ලස්මාවල ‘එප්සිලන්’ ප්‍රභේදයට එරෙහිව ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බැව් පර්යේෂකයන් සොයාගෙන ඇත. ඉතාමත්ම සියුම් ඉලෙක්ට්‍රෝනික මයික්‍රෝස්කොපි උපකරණ හරහා මෙම සජීවී පර්යේෂණ සිදුකර ඇත්තේ ඇමෙරිකාවේදීය.

කෙසේ හෝ මෙම ‘එප්සිලන්’ නැමැති නවතම මාරක අමුත්තාගේ ආගමනය සිදුවන්නේ ලොවට තවත් වින්නැහියක් සිදුවන විටදීය. එනම් කොරෝනා මාරක වසංගතයේ සිවුවැනි රැල්ල පැමිණීමත් සමගම මෙම අමුත්තාගේ පැමිණිමද සිදුවී ඇත. ලෝකයේ බොහෝ රටවල කොරෝනා තෙවැනි රැල්ලද යම් අයුරින් සමථයකට පත්වී තිබියදී මෙයට මාස 02කට පමණ ඉහතදී කොරෝනා 04 වැනි රැල්ල බටහිර රටවල් රැසක් පුරා ප්‍රබලව පැතිර ගියේය. මේ ගතවන්නේ එම රැල්ලේද උච්චම අවස්ථාව වන අතර, දැනට ලෝකයේ රටවල් 70ක පමණ සිවුවැනි රැල්ල පැතිරී ඇත. මුලින් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් පටන්ගත් 4 වැනි රැල්ල දැන් ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිග රටවල් කරාද ව්‍යාප්තව ඇත. කෙසේ හෝ එන්නතටද බිය නැති ‘එප්සිලන්’ කොරෝනා නවතම මාරක ප්‍රභේදය මුලින්ම සොයාගනු ලැබුවේ ඇමෙරිකාවෙනි. ඉන්පසු යුරෝපය ඇතුළු රටවල් 36ක පමණ මෙම ප්‍රභේදය දැඩි ලෙස පැතිරෙන්නට විය. දැන් මෙයට දින කිහිපයකට පෙර ආරංචි වූයේ මෙම ප්‍රභේදය පාකිස්තානයෙන්ද සොයාගත් බවය.

මෙයින් පෙනී යන්නේ මෙම අතිශය ප්‍රබල සහ අතිශය මාරාන්තික ‘එප්සිලන්’ 11 වැනි කොරෝනා ප්‍රභේදය ආසියාව කරාද පැමිණ ඇති බැව්ය. මෙම තත්ත්වය ඉදිරියේදී කොරෝනා වසංගතය මර්දනය කිරීමට මහත් අභියෝගයක් වනු ඇතැයිද වෛi පර්යේෂකයෝ ප්‍රකාශ කරති. මෙම ප්‍රභේදය කෙතරම් ප්‍රබලද යත්, මිනිසාගේ ශරීරයෙහි ස්වාභාවිකව හැදෙන ප්‍රතිදේහ මෙන්ම, මිනිසා විසින් කෘත්‍රිමව සාදනු ලබන ප්‍රතිදේහ පවා පරාජය කිරීමේ දැඩි ශක්තියක් එයට ඇත. මෙහිදී අනෙක් විශේෂිත කරුණ ලෙස හෙළිවන්නේ, මිනිසා විසින් කෘත්‍රිමව සාදනු ලබන ප්‍රතිදේහ, එනම් එන්නතක් මගින් ශරීරයට ඇතුළු කරන ප්‍රතිදේහ මුළුමනින්ම පාහේ විනාශ කර දැමීමේ බලයක් මෙම ප්‍රභේදයට තිබීමය. මේ නිසා යම් විටක ඉදිරියේදී එන්නත්කරණය පවා යම් පසුගාමී තත්ත්වයකට පත්වනු ඇතැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. තවද මෙම නව ‘එප්සිලන්’ ප්‍රභේදය අනෙක් පෙර ප්‍රභේද 10ටම වඩා 20%ක පමණ වැඩි ප්‍රමාණයකින් පැතිර යෑමද සිදුවන බැව් පැවසෙයි. ඇමෙරිකාවේ වසංගත රෝග මර්දන සහ පාලන මධ්‍යස්ථානය විසින් ප්‍රථම වතාවට මෙම ප්‍රභේදය සොයා ගත්තේය.

කෙසේ හෝ පාකිස්තානයෙන් මෙම නව කොරෝනා ප්‍රභේදය සොයා ගත්තද, මෙතෙක් එම ප්‍රභේදය ආසාදිත රෝගීන් ඉන්දියාවෙන් වාර්තා වී නැතැයි ප්‍රකාශ වෙයි. පසුගිය කාලයේ ‘කොවිඩ්-ඩෙල්ටා’ ප්‍රභේදය අතිශය සීග්‍රයෙන් ඉන්දියාවේ පැතිර ගිය අතර, ඒ හේතුවෙන් ලක්‍ෂ ගණනාවක පිරිසක් මියගියේය. ශ්‍රී ලංකාවටද පසුව මෙම ඩෙල්ටා ප්‍රභේදය පැමිණි අතර, දැනටද එම ප්‍රභේදය ආසාදිත රෝගීන් රැසක් ශ්‍රී ලංකාවෙන් එදිනෙදා වාර්තා වේ. අපගේ දිවයින තුළ දැනට දිනපතා කොවිඩ් මරණ ඉහළ ගොස් ඇත්තේ මේ තත්ත්වය නිසා යැයි වෛi අංශ ප්‍රකාශ කරයි. කෙසේ හෝ මින් පෙර පැතිරුණු ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව අප රට තුළ බහුලව භාවිත කෙරෙන ‘සයිනෝෆාම්’ එන්නත හොඳින් ක්‍රියා කරන්නේ යැයිද පර්යේෂකයන් සොයාගෙන තිබිණි. එහෙත් යම් හෙයකින් නව ප්‍රභේදය වන ‘එප්සිලන්’ අපගේ දිවයින තුළ ව්‍යාප්ත වන්නට ගතහොත් තත්ත්වය අතිශයින්ම බියකරු වනු ඇතිය. ‘එප්සිලන්’ යන නාමය යෙදී ඇත්තේ ග්‍රීක හෝඩියේ අකුරක් භාවිත කරමින් වන අතර, මෙම මාරාන්තික ප්‍රභේදයේ වෛi සංකේතය වන්නේ යන්නය.

ශ්‍රී ලංකාවේ මේ දිනවල ගතවන්නේ ‘නැව ගිලුණත් බෑන්ඩ් චූන්’ යන අපූරුතම න්‍යායයේ ක්‍රමවේදයකි. එනම් රජයත්, පොදු ජනතාවත් මේ වන විට මෙම සත්‍ය කියමනට අනුව තම, තමන්ගේ කටයුතු හිතේ හැටියට සිදුකරමින් සිටියි. බාර්, තැබෑරුම්, මසාජ් (ස්පා) සෙන්ටර්, සිනමා ශාලා, උiාන, රෙස්ටුරන්ඩ්, හෝටල්, ගණිකා නිවාස ආදී සියල්ලක්ම අද හිතේ හැටියට විවෘත කරලාය. සමහර මිනිසුන් සම්බාහන මධ්‍යස්ථාන තුළදීම කොරෝනා හැදී මැරී වැටෙයි. එහෙත් පසු දිනදීවත් ‘ස්පා සෙන්ටර්’ එක වසා දමන්නේ නැත. තරුණ පෙම්වතුන්ගෙන් සිනමා ශාලා අඩක්ම පිරී ඇත. මධුවිත ගිල දමන්නේද හිතේ හැටියට තැබෑරුම් තුළ සතුටු වෙමිනි. මේ අතර දේශපාලනික නායකයෝද තමන්ගේ සුඛවිහරණය තකා දිවා – රාත්‍රි වෙහෙස වී කටයුතු කරති. මේ අතර මේ සියල්ලම සිදුවන විටදී අනේක විදියේ උද්ඝෝෂණකරුවෝද හිතේ හැටියට එකා, එකා මත පෙරළෙමින් අරගල පවත්වති. අද එම පිරිස් රටට කොරෝනා තව, තවත් තෑගි කරන මහා සම්පතක්ද වී ඇත. මේ පෙළපාළිකරුවන්ගේ බුද්ධිය තිබෙන්නේ කොතැනකදැයි විටෙක සැක සහිතය. මේ තත්ත්වය සැබෑ ලෙසම අමනෝඥ ජවනිකාවකි.

අද ශ්‍රී ලංකාව තුළ ගතවන්නේ මෙවැනි අතිශය ඛේදනීය තත්ත්වයකි. පසුගිය දිනවල මෙරට තුළ කොරෝනා තෙවැනි රැල්ල පැවැත තිබී, එයට නිසි විසඳුමක් නොලබාම රට මුළුමනින්ම විවෘත කළේය. මේ නිසා දැන් හෙට අනිද්දාම කොරෝනා සිවුවැනි රැල්ල දිවයින ගිල ගන්නා බැව් මේ වන විට වෛi අංශ සියල්ලක්ම අනතුරු හඟවමින් සිටියි. දැනටමත් රට තුළ දිනෙන්, දින දහස් ගණනින් අලුතින් ඇති වන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැත. සමහර ප්‍රධාන රජයේ රෝහල්වල පවා මරණයට කැපවී සිටින රෝගීන් වාට්ටුවල පැදුරු දමා බිම වැතිර සිටියි. දැන් අප රට තුළ ඇති වී තිබෙන තත්ත්වය ඉන්දියාවේ තිබෙන තත්ත්වය හා සමානය. අද බොහෝ කොරෝනා රෝගීන්ට සෞඛ්‍ය අංශ උපදෙස් දෙන්නේ නිවෙසට වී සිටින ලෙසටය. මෙවැනි අතිශය මාරාන්තික රෝගයකට ගෙදරට වී සිටීම කබලෙන් ළිපට වැටීමකි. කෙසේ හෝ අප රටේ දේශපාලනික නායකයන් නම් බොහෝ සුමටව, ආරක්‍ෂා සහිතව කොරෝනා මාරයාගෙන් බේරී සිටින බැව් නම් පෙනෙන්නට ඇත. සැබෑ ලෙසම දැන් ශ්‍රී ලංකාව තුළ ගතවන්නේ ‘ළිප රත්වන තෙක් දිය සැලියේ – සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ’ යන ක්‍රමවේදයකි.

ඉදිරියේදී බොහෝ කෙටි දිනක් තුළදී ශ්‍රී ලංකාව තුළ කොරෝනා සිවුවැනි රැල්ලක් ප්‍රබලව පැතිර යෑම ගැන, ලෝකයේ සිටින ඉතා විශිෂ්ට වෛi විiාඥයකු වන ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මහතා අතිශය දැඩි අනතුරු හැඟවීමක් සිදුකර ඇත. මහාචාර්ය මලික් පීරිස් යනු දැනට හොංකොං විශ්වවිiාලයේ අංශ භාර ප්‍රධාන මහාචාර්ය ධුරයක් දරන ශ්‍රී ලාංකික විද්වතෙකි. ඔහු වෛරස් විiාව පිළිබඳ විiාඥයකු මෙන්ම, ව්‍යාධිවේදියකුද වන අතර, පසුගිය කාලයේ ලෝකය පුරා පැතිර ගිය ඉතාමත් මාරාන්තික වෛරස වසංගත කිහිපයක් ගැනම පර්යේෂණ පැවැත්වූ විද්වතකු වෙයි. සාර්ස්, මර්ස්, ඉන්ෆ්ලුවෙන්සා, කොවිඩ් වැනි ලොව පුරා ව්‍යාප්ත වුණු මාරක වසංගත රෝග ගැන ඔහු පර්යේෂණ සිදුකළේය. මෙයට දින කිහිපයකට ඉහතදී මහාචාර්ය මලික් පීරිස් මහතා ජාතික විiා පදනම කොළඹදී සංවිධානය කර තිබූ උත්සවයකට අන්තර්ජාලය ඔස්සේ එක්වෙමින් විශේෂ ප්‍රකාශයක් සිදුකළේය. කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම තත්ත්වය ඉදිරි මාස දෙක තුළ අත්විඳීමට සිදුවනු ඇතැයි ඔහු අනතුරු හඟවා සිටියේය.

‘කොවිඩ්-19’ වසංගතයේදී ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දෙන භයානකම තත්ත්වය ඉදිරි මාස කිහිපය ඇතුළත සිද්ධ වෙනවා. මේ ගැන මම කරුණු හෙළි නොකළහොත් එය මහජන සෞඛ්‍ය වෘත්තිකයෙක් ලෙස මම මගේ රාජකාරිය පැහැර හැරීමක් වෙනවා. නව ‘කොවිඩ්-ඩෙල්ටා’ ප්‍රභේදය ඉන්දියාව තුළ මහා විනාශයක් සිදුකළා. ඒ වගේම මට කියන්න සිද්ධ වෙනවා එළැඹෙන සති කිහිපයේදී එය ශ්‍රී ලංකාව තුළත් විශාල බලපෑමක් ඇතිකරන බැව්. මම මේ අනතුරු හැඟවීම ඉතාමත් පැහැදිලිව සිදුකරනවා. මෙම ඩෙල්ටා ප්‍රභේදය, ඇල්ෆා ප්‍රභේදයට වඩා 50%කට වැඩි වේගයෙන් පැතිර යනවා. ඒ නිසා ඉතා විශාල පිරිසක් ආසාදිත තත්ත්වයට පත්විය හැකි අතර, මරණ සංඛ්‍යාවද ඉතාමත් ඉහළ යා හැකියි. එවැන්නක් සිදු නොවේ යැයි සිතන්නට බැහැ. දැනට රට තුළ එන්නත්කරණය සිදුකිරීම හොඳ ක්‍රියාවලියක්. එහෙත් තවම එන්නතෙහි මාත්‍රා දෙකම ලබාදී ඇත්තේ රටේ ජනතාවගෙන් 20%කට පමණයි. දැනටමත් රට තුළ කොවිඩ් මරණ සීග්‍ර ලෙස ඉහළ යනවා. මේ නිසා එන්නත්කරණය ඉතාමත්ම පුළුල්ව, කඩිනමින් සිදුකළ යුතුයි. ඉදිරි තත්ත්වය සත්‍ය ලෙසම ඉතාමත්ම අනතුරුදායකයි.’ යැයි මහාචාර්ය මලික් පීරිස් මහතා පවසා ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

NOCSL-CRYSBRO Next Champ ක්‍රීඩා ශිෂ්‍යත්වලාභී මිල්කා ද සිල්වා ආසියාව ජයගන්න හදන හැටි

Next Post

රුහුණු කතරගම මහා පෙරහැරට SLT-MOBITEL බැතිබර දායකත්වය

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.