SLT-MOBITEL විසින් ලෝක ළමා දිනය සැමරීම සඳහා සංවිධානය කරන ලද විශේෂ විනෝද වැඩසටහනක් පසුගියදා මෝදර මුතුවැල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ADVERTISEMENT
මෙම අවස්ථාවට මෝදර සහ ඒ අවට ප්‍රදේශවල ළමුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී විය.
මෙහිදී, චිත්‍ර තරග, e- Sports, මැජික් සන්දර්ශන, නාට්‍ය සහ අධ්‍යාපනික වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම්වල නිරත වීමට දරුවන්ට අවස්ථාව උදාවිය. තවද, SLT-MOBITEL eChannelling සේවාව හරහා වැඩිහිටියන් සඳහා නොමිලේ වෛද්‍ය පරීක්‍ෂණ පහසුකම් සැපයීමට ද සමාගම කටයුතු කරන ලදී.