ලංකා සතොස ආහාර වර්ග 6 ක මිල තව දුරටත් අඩු කළ බවත් එම මිල පහළ දැමීම අද (19) සිට ක්‍රියාත්මක බවත් එහි ප්‍රධාන නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව සුදු ලූණු කිලෝවක් රුපියල් 60 කින් ද, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 55 කින් ද, හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 50 කින් ද, කඩල පරිප්පු කිලෝවක් රුපියල් 30 කින් ද, සුදු සීනි කිලෝවක් රුපියල් 15 කින් ද, ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5 කින් ද, අඩු කළ බව ද එම නිපධාරියා කීය.
සුදු ලූණු කිලෝවක් රුපියල් 490 කට, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 320 කට, හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 1,450 කට, කඩල පරිප්පු කිලෝවක් රුපියල් 285 කට, සුදු සීනි කිලෝවක් රුපියල් 260 කට සහ ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 169 කට ලංකා සතොස ඕනෑම ශාඛාවකින් මිලදී ගත හැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.