• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇත්තුන්ට කළගුණ සැලකූ ගල්ගමුවේ ගුරු මහත්තයා…

October 19, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ඇත්තුන්ට කළගුණ සැලකූ ගල්ගමුවේ ගුරු මහත්තයා…
Share on WhatsAppShare on Facebook

අද අපි කැලෑ කොලමෙන් කතා කරන්න යන්නේ මෙරට ඉතිහාසයේ මෙතෙක් කල් සිදුවුණු දුර්ලභ සහ අපූරු පාරිසරික සිද්ධියක් ගැන. ඒ තමයි, ඇතුන් දෙදෙනකු මියගියාට පසුව එම සතුන් වෙනුවෙන් ප්‍රදේශවාසීන් විසින් ස්මාරක ඉදිකරලා ගෞරව දැක්වීමේ සිද්ධියක්.

ගහට කොළට සතා සීපාවට සෙනෙහස ආදරය තියෙන සංවේදී මිනිස්සු තවමත් මේ රටේ ඉන්නවා කියන එකට හොඳ උදාහරණයක් පසුගිය පෝය දවසේ උදේ ගල්ගමුව සෙනරත්ගම පුලංචිය වැව ඉස්මත්තෙදී සිද්ධ වුණා. මිනිස් ක්‍රියාකාරකම් නිසා අකාලයේ මියගිය සියඹලන්ගමුවේ ඇතා සහ ගල්ගමුවේ දළ පූට්ටුවා යන ඇතුන්ගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරූ දෙකක් ඉදිකර විවෘත කිරීම සිදුවූ අතර ඊට ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියා.

තමන්ගේ හේනේ කුඹුරේ ඉපනැල්ලේ වගාවන් මෙම ඇතුන් විසින් අවස්ථා ගණනාවකදී විනාශ කර තිබුණද එම සතුන්ට කිසි දිනෙක වෛර නොකළ, කලාකාමී ගුරු මහත්මයෙක් විසින් මෙම අනුරූ නිර්මාණය කිරීම විශේෂත්වයක්. සතා සිවුපාවුන්ට අයිති බිම්කඩවල් ඇහිරීම, ජනවාසකරණය, අවිධිමත් සංවර්ධනය සහ මිනිසුන්ගේ සිත්පිත් නැති ක්‍රියාකාරකම් හේතුවෙන් මෙවැනි ජාතික සම්පත් බඳු වන අලින් රටට දැයට අහිමි වීම සිදුවන බවයි එම නිර්මාණ ශිල්පියාගේ අදහස වුණේ. වන අලින් දෙදෙනකු වෙනුවෙන් එම සතුන් ගැවසුණු ප්‍රදේශයේම මෙවැනි අනුරූ නිර්මාණය කර, ඒ හරහා රටට, ජනතාවට සොබාදහමේ දායාදයන්ගේ වටිනාකම පිළිබඳ දැනුවත් කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගැනීම පැසසිය යුතු කරුණක්. මෙම මාහැඟි කාර්යයට මූලික අඩිතාලම දැමූ තිලක් සේමසිංහ මහතාටත්, එම නිර්මාණය බිහි කළ ජේ. රත්නායක ලලිත කලා ගුරු මහත්මාටත් පරිසර ලෝලීන් වන අප සැමගේ දයාබර ස්තුතිය නිරන්තරව හිමිවෙනවා.

තවත් නිර්මාණ ශිල්පීන් දෙදෙනකුගේ සහාය ඇතිව ජේ. රත්නායක ගරු මහත්මා විසින් වසර හතරකට ආසන්න දීර්ඝ කාලයක් මුළුල්ලේ මහත් වෙහෙසක් දරමින් මෙම ඇත් යුවලගේ ජීවමාන ප්‍රමාණයේ අනුරූ නිර්මාණය කර ඇති අතර, මේ වන විට ඒවා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තිබෙනවා.

අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින වයඹ පළාතේ ගල්ගමුව ප්‍රදේශයේ ජනතාව ඒකරාශී වී සිදුකළ මෙම මාහැඟි සත්කාරයට රාජ්‍ය අනුග්‍රහය කෙසේ වෙතත් පරිසර ලෝලීන්ගේ නොමඳ අනුග්‍රහය හිමිවූ බව විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. ඇත් දළ ජාවාරම්කරුවන් සහ දඩයක්කරුවන් විසින් මෙම ප්‍රදේශයේ සිදුකරන වන සතුන් දඩයම් කිරීම් ආදී නීති විරෝධී කටයුතුවලට එරෙහිව තමන් නිරන්තරව කටයුතු කරන බව ප්‍රදේශවාසීන් ලියුම්කරු සමග පවසා සිටියා. මෙවන් කනගාටුදායක ඉරණමක් මිහිතලය මත වෙසෙන කිසිදු සත්වයකුට අනාගතයේදී උරුම නොවේවා යන්න අප හැමගේ ප්‍රාර්ථනාවයි.

මේ වන විට අප රටේ ශේෂව සිටින සීමිත වන අලින් ප්‍රමාණය ආරක්ෂා කරගනිමින්, මතු පරපුරට දායාද කිරීමේ වගකීම නොපිරිහෙළා ඉටුකිරීම පරිසරයට ආදරය කරන ඔබ අප සියලු දෙනාගේ වගකීම බව අවසන් වශයෙන් සිහිපත් කරනවා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

69ට කෙළවන්නෙම 9 තමයි! 27 එකතු කළාමත් 9යි! 27 අපි කොළඹ වට කරනවා! අපි රනිල් රාජපක්ෂව ගෙදර යවනවා! කරන දේ හරියටම ළංවෙලා කියන්නම්! (VIDEO)

Next Post

SLT-Mobitel ලෝක ළමා දිනය සමරයි…

MORE NEWS

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

තමන් පත් කරපු මන්ත්‍රීවරු-ඇමැතිවරු A/C කාමරවල අමාත්‍යංශ ඇතුළෙ කිසි වැඩක් නැතිව ඉන්නවා! මේ මන්ත්‍රීවරු කවුද කියලවත් අපි දන්නෙ නෑ! එහෙම තියෙද්දි විපක්ෂනායකතුමා ජනතාවගේ ප්‍රශ්න ගැන හොයමින් ගමින් ගමට යනවා! අනුරාධපුර සජබ මන්ත්‍රී සුරංග රත්නායක සජිත් දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගිය පාර ජනාධිපතිවරණයෙන් සජිත් පරද්දලා අන්තිම මොහොතේ අනුර දිනපු විදිහ ගැන සජබ මන්ත්‍රී සුරංග රත්නායක හරියටම කියයි! මේ පාර සජිත් ජනාධිපති කරන විදිහත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද අද රෑ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයි! හෙට අලුත් කැබිනට් මණ්ඩලයක්! රාජපක්ෂවරු කවුරුත්ම නෑ! සියලුම ඇමැතිවරු අද රෑ අරලියගහ මන්දිරයට කැඳවයි!
Exclusive

ගෝල්ෆේස් යුද හමුදා ඉඩම ෂැංග්‍රිලා හෝටලයට දෙද්දී මහින්ද ඩොලර් මිලියන 5ක මුදලක් ගත්තාද? අල්ලස් කොමිසම විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

Load More
විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.Sri Lanka...

Read more
ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

තමන් පත් කරපු මන්ත්‍රීවරු-ඇමැතිවරු A/C කාමරවල අමාත්‍යංශ ඇතුළෙ කිසි වැඩක් නැතිව ඉන්නවා! මේ මන්ත්‍රීවරු කවුද කියලවත් අපි දන්නෙ නෑ! එහෙම තියෙද්දි විපක්ෂනායකතුමා ජනතාවගේ ප්‍රශ්න ගැන හොයමින් ගමින් ගමට යනවා! අනුරාධපුර සජබ මන්ත්‍රී සුරංග රත්නායක සජිත් දැක්ක හැටි! VIDEO I Sri Lanka Latest News

ගිය පාර ජනාධිපතිවරණයෙන් සජිත් පරද්දලා අන්තිම මොහොතේ අනුර දිනපු විදිහ ගැන සජබ මන්ත්‍රී සුරංග රත්නායක හරියටම කියයි! මේ පාර සජිත් ජනාධිපති කරන විදිහත් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.