SLT-MOBITEL සහ Epic Technology Group එක්ව මෑතකදී “හෙළවිරු” කෘෂි නිෂ්පාදන සහ කෘෂි වෙළෙඳ භාණ්ඩ අලෙවි සහ හුවමාරු ඩිජිටල් වෙළෙඳපොළ හඳුන්වා දෙනු ලැබීය. මෙම නව ඩිජිටල් වෙළෙඳපොළ ඔස්සේ පුළුල් පාරාසයක කෘෂි නිෂ්පාදන සහ කෘෂි වෙළෙඳ භාණ්ඩ පාර්ශ්ව රැසක් සමඟ අලෙවි කටයුතු කිරීමේ සහ හුවමාරු කරගැනීමේ අවස්ථාව උදාවේ.
“හෙළවිරු” මඟින් ගොවීන්ට සහ වගාකරුවන්ට සිය නිෂ්පාදන කඩිනමින් සාධාරණ මිලකට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ භෞතික වෙළෙඳපොළකට පැමිණීමකින් තොරව අලෙවි කරගැනීමට අවස්ථාව නිර්මාණය කර දී තිබේ. වසංගත තත්ත්වය හමුවේ ගොවීන් හට තම අස්වැන්න විකුණා ගැනීමට අවහිරතා පවතින මෙවන් අවධියක මෙවැනි සේවාවක් ඉතාමත් ප්‍රයෝජනවත් වේ.
Epic Technology Group විසින් “හෙළවිරු” ඩිජිටල් වෙළෙඳපොළ සැලසුම් කිරීම සහ නිර්මාණය කිරීම කරනු ලැබූ අතර SLT-MOBITEL වෙතින් එහි ඩිජිටල් බලගැන්වීම සිදුකරනු ලබයි. එමෙන්ම SLTහි අතිනවීන දත්ත මධ්‍යස්ථානය මඟින් සමාගම් දෙක සම්බන්ධීකරණය කරමින් ඒකාබද්ධ වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක කරයි.