ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකතන ජාලය වන SLT-MOBITEL, අසීරු අවස්ථාවන්හිදී අඛණ්ඩව ජාතිය වෙනුවෙන් කැපවීමේ අරමුණ සහිතව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහයෝගය මත, ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ජීවත්වන ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහ වතුර බෝතල් බෙදාදීමට ඉදිරිපත් වී සිටියි.
ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සුදුනෙලුම්පුර නිවාස සංකීර්ණය තුළ ජීවත්වන ජනතාවට මෙන්ම ගම්පහ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට අයත් තවත් ප්‍රදේශ කිහිපයක ජනතාවට මෙලෙස වියළි ආහාර ද්‍රව්‍ය සහ වතුර බෝතල් අඩංගු මලු බෙදා දීමට SLT-MOBITEL කටයුතු කළේය.
මීට අමතරව, COVID-19 හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ‘දාන පාරමිතා‘ නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමටද SLT-MOBITEL කටයුතු කළේය. ‘YES’ ලෙස ටයිප් කර 255 අංකයට SMS යොමුකිරීම මගින් SLT-MOBITEL පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට මේ සඳහා මුදල් පරිත්‍යාග කළ හැකි වේ.