වස විසෙන් තොර දේශයක් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමේ අරමුණින් මහජන බැංකුව කාබනික පොහොර, පළිබෝධ නාශක, වල් නාශක දේශීයව නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා ‘සාරභූමි’ ණය යෝජනා ක්‍රමය දියත් කර තිබේ. ඒ අනුව මහජන බැංකුව ශ්‍රී ලංකාව පුරා දැනට නිෂ්පාදනයේ යෙදී සිටින, මේ පිළිබඳ දීර්ඝකාලීන අත්දැකීම් ඇති හා පර්යේෂණ කර ඇති විශේෂිත ප්‍රාගුණ්‍යයෙන් යුත් ගනුදෙනුකරුවන් රැසක් හඳුනාගෙන ඇත. මෙම කාබනික පොහොර නිෂ්පාදනයේ ස්වභාවය, එහි අවශ්‍යතාව සහ එම නිෂ්පාදකයන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් හා වෙනත් පහසුකම් පිළිබඳ සොයාබැලීම සඳහා මැදිහත් වෙමින්, කැලණිය, පන්නල සහ කොච්චිකඩේ පිහිටි අදාළ ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පසුගියදා පියවර ගත්තේය. මෙහිදී රාජපක්ෂ මහතා එම නිෂ්පාදකයන් සමඟ සාකච්ඡා කළ අතර, ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
වැඩි විස්තර, 0112481356 අමතා ලබාගත හැකිය.