• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සොබාදහම බුදු දහම සහ ජ්‍යෝතිෂය

June 26, 2021
in Astrology, Kendaraya
Reading Time: 5 mins read
A A
සොබාදහම බුදු දහම සහ ජ්‍යෝතිෂය
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂයත් බුදු දහමත් වෘක්ෂලතාත් අතර ඇත්තේ නොබිඳෙන නොමැකෙන පෞරාණික සම්බන්ධයකි. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන මූලික හා වැදගත්ම සන්ධිස්ථාන තුනටම වෘක්ෂයේ සම්බන්ධයක් විය. මානව වංශකතාවෙහි දුර ඈත අතීතයේ සිටම ග්‍රහ වස්තූන් හා මිනිසා අතර පැවැති සබැඳියාවත් බෞද්ධ දර්ශනය හා ජ්‍යොතිෂයත් අතර ඇති වෘක්‍ෂලතාවන්හි පවතින දැඩි සබැඳියාවත් මනාව පැහැදිලි කිරීම මෙම ලිපියේ මූලික අරමුණ වෙයි.

සිදුහත් තවුසාණන්ට බුදුබව ලබන්නට සෙවණ දුන් දඹදිව ඇසතු බෝ වෘක්‍ෂයේ දකුණු ශාඛාව වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලිඛිත ඉතිහාසයක් ඇති ලොව ඉපැරණිම වෘක්‍ෂය ලෙස හඳුන්වයි. සංඝමිත්තා තෙරණිය විසින් මෙරටට වැඩම කරවා දෙවනපෑතිස් රජුගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහමෙවුනා උයනෙහි රෝපිත ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ බොදු බැතිමතුන්ගේ මුදුන් මල්කඩකි.අතීතයේ දී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ හිමි තැනැත්තා රටෙහි රජු ලෙස සැලකූ අතර උන්වහන්සේ දිවි හිමියෙන් ආරක්‍ෂා කිරීමට එකල සිටි පාලකයෝ ක්‍රියා කළහ.

වංශකතාවල සඳහන් පරිදි ජයශ්‍රී මහා බෝ පැළයේ ආරක්‍ෂාවට එය රෝපණය කරන අවස්ථාවෙහි ගල් පතුරුවලින් එය වටකර ආරක්‍ෂාව සැලසූ බව සඳහන් වෙයි. පරසතුරු ආක්‍රමණ සිදුවූ කාලපරිච්ජේදය තුළ සඟමිත් තෙරණිය සමග මෙරටට පැමිණි 18 කුලයක පිරිස ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ රැකගත් බවත් පසුව කීර්ති ශ්‍රී රාජසිංහ (1747-1781) යුගයේදී බෝපත් කෑමට එන වන අලින්ගෙන් බෝධිය ආරක්‍ෂා කරගැනීමට උසින් අඩි සොළොසක් සහ පළල අඩි දෙසිය හැත්තෑවක්ද දිග අඩි තුන්සිය හැටකින් හා කවුලු තුන්සිය පනහකින් යුත් සුවිසල් ගල් ප්‍රාකාරයක් තනවන ලදී. එය අදටත් දැකිය හැකිය.

ඉහත දැක්වූ ආකාරයට සම්බුද්ධ ශාසනය තුළ බෝ ගස සඳහා හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා ශ්‍රී සම්බුද්ධත්වයට පත්වූයේ දඹදිව පිහිටි ශ්‍රී මහා බෝධිමූලයේදීය. මෙම හේතූව නිසා ආගමික වතාවත් අතරින් බෝධි පූජාව, බෝධි වන්දනාව අටවිසි බෝධි වන්දනාවට සුවිශේෂ ස්ථානයක් හිමිව ඇත. සම්බුද්ධ ධර්මයේ සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේලා විසි අටනමකගේ නම් සඳහන් වන අතර එම සියලු බුදුවරුන් බුද්ධත්වය ලබා ඇත්තේ අනේක විධ වූ ශාක මූල අබියසය. මෙම ශාක අටවිසි බෝධීන් ලෙස බෞද්ධ ව්‍යවහාරයේ සඳහන්ව ඇත.

මීට අමතරව අප සැවොම මෙලොව එළිය දකින වේලාව අනුව සැකසෙන ජන්ම පත්‍රයේ ඇති නැකැතත් සමගින් ඇති නැකැත් 27ද ජ්‍යොතිෂයේදී අදාළ වන ශාකයන් දක්වා ඇත. එම නිසා ශාකයේ අති ප්‍රබල වැදගත්කම අපට මැනැවින් වැටහේ. පෙර ඉසිවරු ජ්‍යොතිෂයේ මූලිකාංග වන නවග්‍රහයන්ට, නැකැත් 27ට හා විවිධ ආනිශංසයන්ට හිමි ශාක මැනැවින් දක්වා ඇත.

ජ්‍යොතිෂයේදී එක් එක් දිශාවන් සඳහා සුබ අසුබ වෘක්‍ෂ දක්වා ඇති අතර දිශා පිළිබඳ අගනා විවරණයක් කරන බෞද්ධ දර්ශනය තුළ සිඟාලෝවාද සූත්‍රයෙහි මෙම දිශාවන් පිළිබඳ මැනැවින් දක්වා ඇත. අද අප බොහෝ විට සුබ කටයුතු අරඹන්නේ සුබ දිශාවකිනි. පහත දැක්වෙන්නේ ඒ ඒ ප්‍රධාන දිශාවන්ට සුබ අසුබ ශාකයන් වෙයි

ප්‍රධාන දිශාවන්ට අයත් සුබ හා අසුබ වෘක්‍ෂ

දිශාව/උතුර – සුබ/පුලිල – අසුබ/අත්තික්කා
දිශාව/දකුණ – සුබ/අත්තික්කා – අසුබ/පුලිල
දිශාව/නැගෙනහිර – සුබ/නුග – අසුබ/බෝ
දිශාව/බටහිර – සුබ/බෝ – අසුබ/නුග

නවග්‍රහයන්යට අදාළ වෘක්‍ෂයන් පෙර ඉසිවරු විසින් ජ්‍යෙතිෂයේ දක්වා ඇති අතර නවග්‍රහ අපල ඇති විට එම ශාකවලට සාත්තු කිරීමෙන් එම අපල උපද්‍රව දුරුකරගත හැක. එසේම රුක් රෝපණයද මෙම ආත්මභාවයේ මෙන්ම මතු ආත්මභාවයන්හිදීද සුව විවරණයක් හා සැපවත් ජීවිතයක් ලබාගැනීම සඳහා ජ්‍යොතිෂයේ පෙන්වාදී ඇති මහඟු සත්කාරයකි.

නවග්‍රහයන්ට අදාළ වෘක්‍ෂ

රවි – ඉඹුල්
සඳු – දිවුල්
කුජ – කොලොන්
සිකුරු – මඟුල් කරඳ
බුධ – කොහොඹ
ගුරු – බෝ
ශනි – නුග
රාහු – වැටකේ
කේතු – කෙසෙල්

විවිධ ආනිශංස හිමි ශාක

• බෝ – සැප සම්පත් හා දියුණු
• අශෝක – දුක් දොම්නස් පහවෙයි
• කොහොඹ – ජීවය සැපවත් වෙයි
• කෑල – පිහිට ආරක්‍ෂාව ලැබෙයි
• බෙලි – පිං රැස්වෙයි
• පළොල් – සුගතිගාමී වෙයි
• ඇට්ටේරිය – මතු භවයේ සැප ලබයි
• දෑ සමන් – දෙවියන්ගේ පිහිට ලැබෙයි
• බුළු – මෙහෙකරුවන් ලබයි
• මූණමල් – දැසි දසුන් ලබයි
• වරු – සූර්යාගේ පිහිට ලැබෙයි
• දඹ – දෙව්ලොව සැප ලබයි

ශාක සමග ඉතා සමීප මිත්‍රශීලී ජීවිතයක් ගතකළ මිනිසා එහි ප්‍රතිඵලයක් ලෙස ගස් වැල් සම්බන්ධව විවිධ මතිමතාන්තර දැරූ අතර පරම්පරා ගණනාවක් ඔස්සේ අදටද එම වටිනා කරුණු නොනැසී පවතී. පහත දැක්වෙන්නේ දෙවියන් හා ශාක සම්බන්ධ වටිනා සාම්ප්‍රදායික අවස්ථා කීපයකි.

• කතරගම දෙවිඳුන් සිය දේවාලය කුඹුක් ගසක් යට පිහිටුවා ගත් බව පැවසේ.
• සුමන සමන් දෙවිඳුන් රාජායතන ගසින් බිහිවී ඇති බව විශ්වාස වෙයි.
• පත්තිනි දේවමෑණියන් අඹ ගසකින් උපත ලබා ඇති බව විශ්වාස වෙයි.
• නවගමු දෙවොලේ නා ගසෙහි පත්තිනි සලඹ සැඟවූ බව විශ්වාසයක් පවතී.
• ශක්‍රයා සිය ආසනය පියනන්දන උයනේ පිහිටි පරිජාත නම් වෘක්‍ෂය මූලයේ පිහිටුවාගෙන ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි.
• බෙලි ගස ශ්‍රියාකාන්තාවගේ ශාකය ලෙස පිළිගැනෙන අතර එය නිවෙස ඉදිරිපිට රෝපණයට සුදුසුය.
• රුක්අත්න ශාක ඇති විට එම ප්‍රදේශයේ විෂකුරු සතුන් පලායන බවට මතයක් ඇත.
• දොඹ ගස නිවෙස අසල තිබීම වාසනාවට හේතු වේ.
• අංකෙන්ද ගසක් ගෙවත්තක තිබෙයි නම් එම නිවැසියන්ට වා පිත් සෙම් රෝග ඇති නොවන බවට විශ්වාසයක් පවතී.
• මයිල ගස් හා ඊතන පඳුරු ඇති බිමෙහි ජල උල්පත් බහුලය.
• නිවෙස ඉදිරියේ ඇති අඹ ගස් බෝවන රෝග තුරන් කරන අතර හෙණ වළකා අසුබ තත්ත්වයන් මඟහැරීමෙහි ශක්තියක් ඇත.
• අඳුකොළ නාගයන් පලවාහරින අතර මදුරුතලා මදුරුවන් පලවා හරි.

ඉහත දක්වන ලද උදාහරණ තුළින් අපට ජ්‍යොතිෂයත්, බුදුදහමත්, වෘක්ෂලතාත් අතර ඇති සබැඳියාව මනාව තේරුම්ගත හැකිය.

ජ්‍යොතිෂ හා වාස්තුාව්දී සම්පත් එස්. කල්පගේ

SendShareShare
Previous Post

SLT-MOBITEL ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහන සලසයි

Next Post

‘ඇර සිල්වා ඇර’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.