ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික අලෙවි ජාලය වන සිංගර් (ශ්‍රී ලංකා) PLC ප්‍රමුඛ පෙළේ ජපන් සන්නාමයක් වන Panasonic, සමග සහයෝගීව වායුසමීකරණ, රූපවාහිනී, ශීතකරණ, Audio තාක්ෂණික උපකරණ, විදුලිපංකා, මයික්‍රෝවේව් උදුන් සහ වැකුම් ක්ලීනර් ආදී ඉලෙක්ට්‍රොනික සහ ගෘහ උපකරණ රැසක් දිවයිනපුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරවල අලෙවි කිරීමට පියවර ගෙන ඇත.
සිංගර් PLC වසර 140කට වැඩි කලක පටන් දිවයින පුරා අලෙවිසල් 430කට අධික සංඛ්‍යාවක් සමග දීපව්‍යාප්ත බෙදාහැරීම්, විශ්වසනීය වගකීම් සහ අලෙවියෙන් පසු සේවාවන්ද සමගින් ශ්‍රී ලංකාව පුරා අසමසම පැවැත්මක් තහවුරු කර ඇත. 1955 දක්වා ඈතට දිවයන Panasonic සන්නාමය එවකට audio speakers සඳහා සුප්‍රසිද්ධ සන්නාමයක් විය. Panasonic තම පාරිභෝගිකයන්ට විශිෂ්ට ජීවන රටාවක් අත් කර දීමට නිරතුරුවම උත්සාහ කරන අතර ලොව පුරා සිටින පාරිභෝගික ප්‍රජාවට සැපවත් ජීවන විලාසිතාවන් ලබාදීමට අඛණ්ඩව දායකත්වය ලබා දේ.
මෙම හවුල්කාරිත්වය සමඟින් පාරිභෝගිකයින්ට දැන් වඩාත් පහසුවෙන් සිංගර් ප්‍රදර්ශනාගාර තුළින් Panasonic නිෂ්පාදන මිලදී ගැනීමට මෙන්ම අලෙවියෙන් පසු සේවා සහය ද ලබා ගත හැකිය.