සිංගර් ශ්‍රී ලංකා PLC යනු ඉහළ පාරිභෝගික විශ්වාසයක් හිමිි රටේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලයකි. ලෝකයේ විශාලතම තාක්ෂණික දැවැන්තයකු වන Dell, ඉල්ලුමට සරිලන සැපයුම් රැසක් සපුරාලන විවිධ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන පරාසයක් වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත. Dell සමගින් සිංගර් PLC හි හවුල්කාරිත්වය 2014 දක්වා දිවෙන අතර, එය වසර කිහිපයක් ඇතුළත ශීඝ්‍ර වර්ධනයක් සඳහා හේතු වී ඇති ඇත. එමගින් පාරිභෝගිකයන්ට සිංගර් ප්‍රදර්ශනාගාර බලයලත් අලෙවි නියෝජිතයන් හරහා Dell නිෂ්පාදනයන් මිලදී ගැනීමට හැකියාව ලැබේ. Singer, Dell Awards 2022 දී සිංගර් වෙතින් 2021 සඳහා ඉහළ කාර්යසාධනයක් සහිත DELL නිෂ්පාදන අලෙවිකරුවන් හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලදී. Blue Ribbon Club, ලෙස මෙම සම්මාන ප්‍රදානෝත්සවය තේමා කර ඇති අතර, සුවිශේෂ කාර්යසාධනයක් සහිත කීර්තිමත් පුද්ගලයන් පිරිසක් ඇගයීමට ලක්කරන ලදී. මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී සෑම වසරකම සාමාජිකයින් දස දෙනෙකු Blue-Ribbon Club වෙත ඇතුළත් කරගනු ලැබේ.











