සෙලාන් බැංකුවේ දීපව්‍යාප්ත ජංගම ගෙවීම් භාරගැනීමේ යන්ත්‍ර හෙවත් mPOS යන්ත්‍ර සංඛ්‍යාව මේ වනවිට 15,000 ඉක්මවා ඇත. ඒ අනුව සෙලාන් බැංකුව දැන් මෙරට mPOS සේවාවන් අතර වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත්වී සිටී. මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට වේගයෙන් පුළුල් වන ඩිජිටල් ආර්ථිකයේ දොරටු විවර කරදීම උදෙසා මෙම සේවාව මගින් සුවිශාල මෙහෙවරක් ඉටුවේ.
රට තුළ සුරක්ෂිත, පහසු සහ මුදල් භාවිත නොවන ආර්ථික ක්‍රමයක් ප්‍රචලිත කිරීමේ අරමුණින් සෙලාන් බැංකුව විසින් 2016 වසරේදී ‘Seylan MPAY’ සේවාව ආරම්භ කරන ලදී. එම සේවාවේ පහසුව සහ ලාභදායී බව නිසා ආරම්භයේ සිටම එය පාරිභෝගිකයන් අතර අතිශයින් ජනප්‍රිය විය. කාලයත් සමග කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල වෙනස්වන අවශ්‍යතාවන් හඳුනාගෙන, එම අවශ්‍යතාවන් සපුරාලන ආකාරයට මෙම සේවාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ආයෝජනය සිදුකිරීමට සෙලාන් බැංකුව පියවර ගත්තේය.
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය දැනුම, පුහුණුව හා විසඳුම් ලබාදෙමින් ඔවුන්ට ව්‍යාපාර ලොව ජයගැනීම සඳහා අවශ්‍ය අත්වැල ලබාදීමට සෙලාන් බැංකුව කවදත් පියවර ගෙන ඇත. මෙම උත්සාහයන් ඔස්සේ කඩ හිමියකු වේවා, ඔසුසල් හිමියෙකු වේවා, කුඩා තොරතුරු තාක්ෂණ ආයතන හිමිකරුවකු වේවා, මේ සියලුම දෙනාට වාසිදායක විසඳුම් හඳුන්වා දීමට සෙලාන් බැංකුවට හැකිවී තිබේ. ‘Seylan MPAY’ සේවාවේ සුවිශේෂී බව හා විශ්වසනීයත්වය නිසා එම සේවාව ඉතාමත් ඉක්මනින් වෙළෙඳපොළේ ප්‍රමුඛතම සේවාව බවට පත්විය.