ප්රීමා සමාගම විසින් සිය හිතුමනාපයට අනුව තිරිගු පිටි මිල ඉහළ පහළ දැමීම හේතුවෙන් පාන් මිලද ඉකුත් දින දෙක තුන තුළ ඉහළ පහළ යන ආකාරයක් දැකගන්නට තිබිණ.
පළමු වතාවට ප්රීමා සමාගම තිරිගු පිටි මිල ඉහළ දැමුවේ ජනාධිපතිවරණයට පෙර දිනය. එනම් ඉකුත් 15 වැනි දිනය. ඒ අනුව පාන් මිලද රුපියල් 5කින් ඉහළ දැමීමට බේකරි හිමියන් පියවර ගත්තේය.
නමුත් පැවැති ආණ්ඩුව ඊට එරෙහි වීමත් සමග ප්රීමා සමාගම පිටි මිල යළි පහළ දැමීමට කටයුතු කළේය. ඒ් අනුව පාන් මිල යළිත් රුපියල් 5කින් පහළ දැමීමට බේකරි හිමියන් පියවර ගත්තේය.
කෙසේවෙතත් ඊයේ (20) දින යළිත් ප්රීමා සමාගම පිටි මිල ඉහළ දැමීම නිසා පාන් මිල රුපියල් 5කින් ඉහළ දැමුණු අතර එල්ල වූ විරෝධය හමුවේ නැවත ප්රීමා සමාගම පිටි මිල පහළ දැමීමට කටයුතු කළේය.
ඒ අනුව අද (21) දිනයේදී නැවත වතාවක් පාන් මිල රුපියල් 5කින් පහළ දැමීමට බේකරි හිමියන් කටයුතු කොට ඇත.










