සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, දැනට පවතින සංචරණ සීමා හා සමාජ දුරස්ථභාවය ආදිය හමුවේ ජනතාවට ගැටලුවකින් තොරව තම බැංකු සේවාවන් ඉටුකර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සෑම විටම සූදානමින් සිටී. ඒ අනුව, සෙලාන් බැංකුවේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය, අන්තර්ජාල බැංකුකරණ සේවාව සහ ජංගම දුරකථන බැංකුකරණ සේවාව වැනි ක්‍රම රාශියක් ඔස්සේ, තම නිවෙස්වල සිටම තම බැංකු සේවා අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව සැලසී ඇත.
ගෝලීය වසංගත තත්ත්වය සහ ආර්ථික අවිනිශ්චිතතා හමුවේ ගනුදෙනුකරුවන් ඩිජිටල් සේවාවන් සම්බන්ධයෙන් දක්වන උනන්දුව ඉහළ යමින් පවතින බව වටහාගත් සෙලාන් බැංකුව, අන්තර්ජාලය ඔස්සේ ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීමේ හැකියාව සහ බිල්පත් ගෙවීමේ හැකියාව ඇතුළු පහසුකම් රැසක් ඇතුළත් කර තම නිල වෙබ් අඩවිය වන www.seylan.lk තවදුරත් වැඩිදියුණු කිරීමට පියවර ගත්තේය. වසංගත තත්ත්වය පාලනය කිරීමේ ජාතික ප්‍රයත්නයන්ට අත්වැලක් වෙමින්, ජනතාවට බාධාවකින් තොරව බැංකු හා මූල්‍ය සේවාවන් පිරිනැමීම සඳහා අවශ්‍ය වන ඩිජිටල් තාක්ෂණයන් දිගින් දිගටම හඳුන්වා දීමට සෙලාන් බැංකුව සූදානමින් සිටී.











