නෙස්ලේ ලංකා සමාගමේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස 2021 ඔක්තෝබර් 01 වැනිදා සිට ජේසන් ඇවන්සෙන්‍යා මහතා පත්කර තිබේ.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නෙස්ලේ සමාගම් භාරව කටයුතු කරනු ඇත. නෙස්ලේ ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස එතෙක් කටයුතු කළ ෆැබ්රිස් කැවලින් මහතා ස්විට්සර්ලන්තයේ පිහිටි නෙස්ලේ ප්‍රධාන කාර්යාලයේ ආසියානු, ඕෂනියා සහ අප්‍රිකානු කළමනාකරණ කණ්ඩායම තුළ පෝෂණ ආශ්‍රිත ව්‍යාපාර අංශය භාරව කටයුතු කරනු ලැබේ.
ජේසන් ඇවන්සෙන්‍යා මහතා, නෙස්ලේ සමාගම තුළ විවිධ රටවල, එනම් ස්විට්සර්ලන්තය, පිලිපීනය, ඉන්දුනීසියාව සහ පාකිස්තානයෙහි, වසර 24කට වැඩි කාලයක අත්දැකීම් සමග පැමිණෙන අතර, පෝෂණ හා කිරි ආශ්‍රිත ව්‍යාපාර අංශයේ මනා පසුබිමක් ඇත. නෙස්ලේ ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ ධුරය භාරගැනීමට පෙර ඔහු Nestlé Pakistan සහ Nestlé Afghanistanහි පෝෂණ හා කිරි ආශ්‍රිත ව්‍යාපාර අංශයේ ව්‍යාපාර විධායක නිලධාරී (BEO) ලෙස කටයුතු කළේය.