ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සංවිධානය කරන ලද 2020 National Sales Congress (SLIM NASCO) සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලත් සිය විකුණුම් බලකායේ දක්ෂයන් ඇගයීමට සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව කටයුතු කළේය. සෙලාන් විකුණුම් බලකාය මෙවර SLIM NASCO සම්මාන උළෙලේදී රන් සම්මානයක්, රිදී සම්මාන දෙකක් සහ ලෝකඩ සම්මාන පහක් දිනාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකාවේ විකුණුම් වෘත්තිකයන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කරන මෙම සම්මාන උළෙල මෙවර පවත්වන ලද්දේ 21 වැනි වරටය. SLIM NASCO සම්මාන මෙරට විකුණුම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ට හිමිවන ඉහළම මට්ටමේ ගෞරවයක් ලෙස සැලකේ. තවද මෙරට විකුණුම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ඔවුන්ගේ වෘත්තීය ජීවිත තුළ ඉදිරි පිම්ම සඳහා සූදානම් කිරීමද මෙම සම්මාන උළෙලේ අරමුණකි.
සෙලාන් බැංකුව තුළ පවත්වාගෙන යනු ලබන විකුණුම් ක්ෂේත්‍ර සම්ප්‍රදාය තුළදී විකුණුම් ප්‍රතිඵලවලට වඩා වැඩි ප්‍රමුඛතාවක් ලබාදී ඇත්තේ ස්වකීය දියුණුව ළඟා කරගැනීම සඳහා කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ දැනුම වැඩිදියුණු කිරීම වෙනුවෙනි. පසුගිය වසර කිහිපය තුළ SLIM NASCO සම්මාන 19ක් දිනාගැනීමට සෙලාන් බැංකුවේ විකුණුම් කණ්ඩායම සමත් වීම මගින් ද ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ විශිෂ්ටතම විකුණුම් කණ්ඩායමක් නිර්මාණය කිරීමට සෙලාන් බැංකුව සමත් වී ඇති බව පෙනී යයි.