• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…

May 1, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…
Share on WhatsAppShare on Facebook

දිනකට දහස් ගණනක් සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවන රුවන්වැලි මහ සෑය ඇසට පෙනෙන පූජනීයත්වය අභිභවා ගිය සැඟවුණු විස්මිත බලයක් සහිත නිර්මාණයක් ලෙස සැලකේ. ඒ අනුව රුවන්වැලි මහ සෑයේ ඉදිකිරීම් තාක්ෂණය පිළිබඳ විවිධ පර්යේෂණ කරන්නට බොහෝ ජ්‍යොතිෂවේදීන්, වාස්තුවේදීන් කටයුතු කර තිබේ. ඒ අතරින් ප්‍රවීණ වාස්තු විද්‍යාවරියක වන ෂෙරීන් අමෙන්ද්‍රා තම පර්යේෂණ තුළින් හඳුනාගෙන ඉදිරිපත් කර ඇති කරුණු සුවිශේෂ වෙයි. ඇගේ මේ පැහැදිලි කිරීම මහාවංශය, ථූපවංශය වැනි ඉතිහාස ග්‍රන්ථ ඇසුරින් සන්සන්දනය කර බැලීමේදී සත්‍ය බව හඳුනාගන්නට පහසු වන අතර දුටුගැමුණු මහ රජුගේ මෙම සුවිශේෂ චෛත්‍ය නිර්මාණය මුළු විශ්වයම පාලනය කරන්නක් දැයි කෙනකුට සැක සිතිය හැකි නිර්මාණයකි.

ඉතිහාස ග්‍රන්ථ අනුව චෛත්‍යයේ ඇතුළත නිර්මාණය ගැන සඳහන් වන බොහොමයක් අංග චෛත්‍යයට එකතු කර ඇත්තේ ඇසට පෙනෙන දෙයට වඩා ඇසට නොපෙනෙන ශක්තියක් නිර්මාණයට බව ඉතා පැහැදිලි වෙයි. ඒ අනුව මෙහි ඉදිකිරීම්වලට යොදාගත් බව කියන බෝරැක්ස් තඹ තහඩු රිදියෙන් රත්තරනින් කළ අඩි 6, 4 ප්‍රමාණයේ පෝච්චි මෙන්ම ඊට සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා පෝච්චි ආදිය යම් ආකාරයක විiුත් පරිපථයකට සමාන ඉදිකිරීමක් බව හඳුනාගෙන ඇත. මේ හරහා විදුලි ධාරා ප්‍රමාණයක් තැන්පත් කර ගැනීම, ගබඩා කරගැනීම වැනි ක්‍රියාවලියක් සිදුනව බව හඳුනාගෙන ඇත.

වර්තමානයේ දියුණු කළ ට්‍රාන්ස්ෆෝමර්, ට්‍රාන්සිස්ටර් හා සමාන ක්‍රියාවලියක් මේ නිර්මාණ හරහා ඉතා අලංකාරව කර ඇතත් එහි සැඟවුණු බලය අතිවිශාල බවයි පැවසෙන්නේ. එසේම වර්තමානයේ එල්.ඊ.ඩී., එල්.එල්.ඩී. වැනි නිෂ්පාදනවල ක්‍රියාකාරීත්වයට සමාන ක්‍රමවේදයකට රුවන්වැලි සෑයේ පාදම ඉදිකර ඇති අතර රජගහනුවරින් වැඩම කළ ඉන්ද්‍රගුප්ත තෙරුන්ගේ පූර්ණ උපදෙස් මත ඉදිකර ඇති මෙම සෑයේ සියලු අමුද්‍රව්‍ය ඉතා සූක්ෂ්ම පරීක්ෂාවකින් පසුව ලබාගත් බවත් පැවසෙයි. එලෙස සුවිශේෂ අධීක්ෂණයක් ඇතිව මෙම චෛත්‍යය ඉදිකිරීමට ප්‍රධාන හේතුව නම් පෙනෙන දෙයට වඩා නොපෙනෙන ශක්තිය සහ පැවැත්ම ගැන තිබූ විශ්වාසය බවයි පැවසෙන්නේ.

මෙහි තවත් විශේෂිත කරුණක් ගැන හඳුනාගෙන තිබේ. එනම් මහාවංශයට අනුව මෙම චෛත්‍යයේ මුලින්ම තිබී ඇත්තේ කොත් කැරැල්ලක් නොව ඡත්‍රයකි. එම ඡත්‍රයෙහි ශෛලමය තැන් තුනක් තිබී ඇත. එම ඡත්‍රාවලියට පහළින් දැවැන්ත තඹ තහඩුවක් තැන්පත් කර ඇති අතර එය උපඛීලය ලෙසින් හඳුන්වා තිබේ. එම උපඛීලය ඡත්‍රාවලිය හා ගජස්ථම්භය දාගැබේ පාදම හා සම්බන්ධ කෙරෙන තඹ කූරක්ද ස්ථාපනය කර ඇති අතර එයින් අකුණු අනතුරු වළක්වන එකට අමතරව වලාකුළු අතර නිපදවෙන විදුලි ධාරා ඉතා සූක්ෂ්මව ඇදගෙන චෛත්‍යයේ පාදමේ පවතින ඉලෙක්ට්‍රොනික් උපාංග හා සමාන සුවිශේෂ නිර්මාණ වෙත ලබාදී ඇති බවටත් මත පළවේ.

රුවන්වැලි මහ සෑය යනු අතිපූජනීය ස්ථානයකි. ඒ, බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන්වහන්සේලා මෙහි තැන්පත් කොට ඇති හෙයින්. එම ධාතු තැන්පත් කිරීම උදෙසා ඉදිකළ කුටිය නිමවා ඇත්තේ මේදපිණ්ඩික නම් විශේෂිත පාෂාණ වර්ගයකිනි. විදේශයකින් ගෙන්වා ඇති එම පාෂාණය ධාතු කුටියේ බිත්තිවලට සහ ඉහළටත් පහළටත් යොදා ඇති බව පැවසෙයි. ඒ අනුව මෙම පාෂාණ විශේෂය මෙම කුටීර හරහා කිරණ ගමන් කිරීමේ හැකියාවක් ඇති පාෂාණ වර්ගයක් විය හැකි බවට අනුමාන කෙරේ.

විශේෂිත අලංකාරයක් සහිත එම කුටියේ ධාතු තැන්පත් කොට ඇත්තේද විශේෂ ආකාරයකට බවයි වංශකතාවල සඳහන් වන්නේ. එම තොරතුරු අනුව කුටිය තුළ ඉදිකළ විශේෂිත වේදිකාවේ නිල් මැණික් හා අනෙකුත් මැණික් වර්ග තැන්පත් කිරීමත්, රිදියෙන් කළ බෝ පැළ ස්ථාපිත කිරීමත් මේ තුළ සිදුවන ඉලෙක්ට්‍රොනික ක්‍රියාවලිය ඉතා සංකීර්ණ බව පැහැදිලි වෙයි. නිල් මැණික් යනු සපායර්ය. පලිඟුවල අඩංගු වන්නේ සිලිකන්ය. ඒ අනුව සිලිකන් මත සපායර් නූතන ලෝකයේ යොදා ගැනෙන තාක්ෂණයක් වන අතර එය ලොවට හඳුන්වාදී ඇත්තේ හැරල්ඩ් මානසෙවිට් නමැති විiාඥයා විසිනි. ඒ, 1963දීය. එහෙත් ඊට වසර දහස් ගණනකට පෙර දුටුගැමුණු රජු මෙම තාක්ෂණය භාවිත කිරීම තුළම එවක පැවැති තාක්ෂණික ඥානය පැහැදිලි වෙයි.

මේ අනුව ඉතා පැහැදිලව හඳුනාගත හැකි කරුණක් වන්නේ ධාතු ගර්භයේ ආරක්ෂාවට ඇසට නොපෙනෙන විiුත් ධාරාවක් ක්‍රියාත්මක වන අතරම මෙහි නිර්මාණය වන ශක්ති කදම්භය හරහා විශ්වය සමගත් මෙය වන්දනාමාන කරන සැදැහැවතුන්ගේ සිත් සතන් සමගත් සම්බන්ධයක් ඇති කෙරෙන බවයි. ඒ අනුව රුවන්වැලි සෑය අබියස භක්තිමත්ව වන්දනාමානයේ යෙදෙන පිරිස්වලට ඇතැම් විස්මිත දේ මනසින් දකින්නට අවස්ථාව උදාවනු ඇතැයිද අනුමාන කළ හැකිය. එහෙයින් ඇසට පෙනෙන දෙයට වඩා සුවිශේෂ කාරණා රාශියක් රුවන්වැලි මහ සෑය තුළ සිදුවන බව පැහැදිලි වෙයි. මේ මහා විස්මය මනසින් දකින්නා සැබෑවටම සිත දියුණු කරගත්තකු බව පමණක් විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළ හැක්කේ එහෙයිනි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

සෙලාන් බැංකුව 2020 SLIM NASCO සම්මාන උළෙලේදී බුහුමන් රැසකින් පිදුම් ලබයි…

Next Post

දක්ෂ දරුවන් විභාග අසමත්වෙන රහස…

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.