සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් නොමිලේ වෙබ් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ලංකා වාණිජ මණ්ඩලය හා එහි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරද මෙම සම්මන්ත්‍රණය සමග එක්වීමට නියමිතය. අපනයනයට අදාළ step-by-step functionality (පියවරෙන් පියවර ක්‍රියාකාරිත්වය) පිළිබඳ මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කිරීමට නියමිතය. 2022 ජනවාරි මස 23 වැනි දින ප.ව 4.00 සිට ප.ව 5.30 දක්වා මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙනු ඇත. Zoom, LinkedIn සහ YouTube ඔස්සේ මෙන්ම සෙලාන් බැංකුවේ නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේද මෙය සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.
Step-by-step functionality (පියවරෙන් පියවර ක්‍රියාකාරිත්වයෙහි)හි අරමුණ, එහි පද්ධතිය සහ එය ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳ දැනුවත් කිරීම මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණක් වේ. එමෙන්ම අපනයන මෙහෙයුම්වලට අදාළ තොරතුරු එකිනෙක යාකරමින් තොරතුරු ප්‍රකාශයට පත්කරනා ආකාරය කෙරෙහිද අවධානය යොමුකිරීමට නියමිතය. තවද, මෙම සම්මන්ත්‍රණයේදී අපනයන සඳහා යොමුවීමට උනන්දුවක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා තරුණ ව්‍යවසායකයන් මුහුණදෙන ගැටලු මෙන්ම අපනයන ක්‍රියාපටිපාටියේ ඇති පොදු ගැටලු සහ ඒවාට විසඳුම් සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා වෙළෙඳ අමාත්‍යංශයේ වාණිජ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ – වාණිජ, භාග්‍යා අබේකෝන්, ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයේ (ITC) ජාතික උපදේශක (GIZ අරමුදල් ව්‍යාපෘතියට අනුබද්ධිත) මොහොමඩ් ෆියාස් සහ සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ජාත්‍යන්තර, දිලාන් විජේගුණවර්ධන යන මහත්ම මහත්මීන් මෙම සම්මන්ත්‍රණය සඳහා සම්පත් දායකයන් ලෙස එක්වීමට නියමිතය.