වසරක් ගෙවී වසරක් උදාවනවාත් සමගින් නව වසරට නැවුම් ප්‍රර්ථනා සහ අරමුණු ඇතිකර ගැනීම අනිවාර්යයෙන් සිදුවන දෙයක්. බොහෝ දෙනා වඩාත් සෞඛ්‍ය සම්පන්න ආරම්භයකට මුලපුරන අතර ගෙවීගිය වසර අවසානයේ, උත්සව කාලයේදී රසබර ආහාරපාන අනුභවය නිසා සිරුරේ වැඩි වූ බර අඩු කර ගැනීමටත් සිතයි. එසේ සිතුවත්, ඒ සඳහා ක්‍රියාත්මක වීමට යම්කිසි ආකාරයේ තල්ලුවක් ලැබේ නම් සැලසුම් කළ ආකාරයට සිදුකර ගැනීමට ඔවුනට පහසු වනු ඇති. AIA ඉන්ෂුවරන්ස්හි සන්නාම ප්‍රතිඥාවට අනුව යමින් සැමට 2022 වසර සඳහා ඔවුන්ගේ සුවතා අරමුණු සාක්ෂාත් කර ගැනීමටත් ඔවුනට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් අත්විඳීමට සහාය වීමටත් AIA ඉන්ෂුවරන්ස් සමගින් ඇවිද දායක වෙමු යන පියවර 100,000 අභියෝගය සංවිධානය කර තිබේ.