ගෝලීය වසංගත තත්ත්වය හමුවේ උදාවී ඇති නව ව්‍යාපාර අවස්ථා මෙන්ම ව්‍යාපාරකරණය තුළ මතුවන ප්‍රායෝගික ගැටලු පිළිබඳ කාන්තා ව්‍යවසායිකාවන් දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ අන්තර්ජාල වැඩමුළුවක් සංවිධානය කිරීමට, සුහද හදක් ඇති දේශීය බැංකුව වන, සෙලාන් බැංකුව පසුගියදා පියවර ගන්නා ලදී.
ලංකා වාණිජ මණ්ඩලය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කේන්ද්‍රය හා එක්ව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබූ මෙම වෙබ් සම්මන්ත්‍රණයේදී කාන්තා ව්‍යවසායිකාවන්ට වැදගත්වන මාතෘකා ගණනාවක් යටතේ පුළුල් වශයෙන් සාකච්ඡා කරන ලදී.
ව්‍යවසායකත්වය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම යනුවෙන් නම් කළ මෙම අන්තර්ජාල වැඩමුළුවට, සෙලීන් ආයතනයේ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී සෙලීනා පීරිස්, ගෝල්ඩන් ස්ටාර් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා නාමලී වික්‍රම, කිඹුලා කිතුල් ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී චංචලා ගුණවර්ධන, හඳුන් විලාස් ඇන්ඩ් රෙස්ටොරන්ට්ස්හි විධායක අධ්‍යක්ෂිකා නයෝමි හඳුන්නෙත්ති සහ සෙලාන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ශාඛා ණය, ප්‍රබෝධා රාජපක්ෂ යන මහත්මීහු සම්පත් දායිකාවෝ ලෙස එක්වූහ.











