ජාතියේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සහයෝගය ලබාදීමේ සම්පත් බැංකුවේ නිරන්තර කැපවීම තව තවත් අරුත් ගන්වමින් දිවයින පුරා විසිරුණු සම්පත් සංහිඳ සේවර් ගිණුම් හිමියන් වෙත මෙම වසරේදී රුපියල් මිලියන 185ක සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදීමට කටයුතු ආරම්භ කරන ලදී.
2009 වසරේ මෙම වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු සම්පත් බැංකුව වසරක් තුළ ලබාදුන් ඉහළම ප්‍රතිලාභ වටිනාකම ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
විශේෂයෙන් ගෝලීය වසංගතය හමුවේ වූ ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් සමස්ත ලෝකයම දැඩි දුෂ්කරතාවකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍ය වියදම් වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදීමෙන් මෙම ප්‍රතිලාභයන් ඔවුන් වෙත හිමිකර දෙනු ලබයි.
තවද වසංගතය හේතුවෙන් උද්ගතවූ දැඩි සෞඛ්‍යාරක්ෂිතභාවය හා සංචරණ සීමාවන් සැලකිල්ලට ගනිමින් සම්පත් බැංකුව ඒ ආශ්‍රිත සෞඛ්‍ය ප්‍රතිලාභ හා තොරතුරු ලබාගැනීමේ කටයුතු තවදුරටත් පහසු කිරීමට කටයුතු කර ඇත්තේ සම්පත් සංහිඳ සේවර් ගිණුම් හිමියන්ගේ සුවපහසුව වෙනුවෙනි.
එහිදී එම ගිණුම් හිමියන්ට සම්පත් බැංකුවේ ඕනෑම ශාඛාවක් ඇමතීමෙන් හෝ 0112303050 අංකය ඔස්සේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය ඇමතීමෙන් එම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා වන තම සුදුසුකම් තහවුරු කරගත හැකිය. පළමු වරට සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාගන්නා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට ළඟම ඇති ශාඛාවෙන් තමන්ට හිමි වෛද්‍ය ප්‍රතිලාභ කාඩ්පත් ලබාගත හැකි අතර දැනට සිටින කාඩ්පත් හිමියන් හට ළඟම ඇති ශාඛාවෙන් එම සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා වන කාඩ්පත පූර්ණය (Topup) කරගැනීමේ අවස්ථාවද සම්පත් බැංකුව උදාකරදී ඇත.











