රාජපක්ෂ පවුලේ රාජ යෝග පැවතියේ මහින්ද රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට බව ජෝතිෂවේදී කේ.ඒ.යූ. සරච්චන්ද මහතා පවසයි.
2022 අප්‍රේල් මාසයට පෙර ආණ්ඩුවට නියත වශයෙන්ම මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බව ග්‍රහචාරය අනුව පෙනී යන බවද ඔහු පවසයි.
ඉදිරියේදී සිදුවන සෙනසුරු සහ ගුරු මාරුව හේතුවෙන් නොවැම්බර් 20 වනදායින් පසුව රට තුළ නව දේශපාලන බලවේගයක් පෙරට එන බව කී ඒ මහතා එම බලවේගය විසින් ඉදිරියේදී මෙරට පාලනය බලය ලබා ගන්නා බවද සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඒ මහතා මෙම අදහස් පල කර ඇත.










