ගම්පහ ප්‍රදේශයේ පැරණිතම පාසල් අතරින් එකක් වන තක්ෂිලා විද්‍යාලය 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවති සමයේ බොහෝ දෙනකුගේ කතාබහට ලක්විය. ඒ එම කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් හානි වූ ගොඩනැගිල්ලක් තුළ දරුවන් පිරිසක් විභාගයට පෙනී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම හේතුවෙනි. මෙම සිදුවීමෙන් අනතුරුව මෙම දරුවන් මුහුණ පාන විවිධාකාර වූ දුෂ්කරතා පිළිබඳ බොහෝ දෙනකුගේ අවධානය යොමු විය. එම දරුවන්ට අවශ්‍ය පහසුකම් නොපමාව සැලසීමේ වැදගත්කම අවබෝධ කරගත් රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම (Rhino Roofing Products Limited), රටේ පවතින දුෂ්කර තත්ත්වය හමුවේ පවා ඒ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතියක් දියත් කිරීමට තීරණය කළේය.
1992 ජූනි 12 දින සිසුන් 60 දෙනකුගෙන් ආරම්භ වූ ගම්පහ තක්ෂිලා විද්‍යාලයෙහි මේ වනවිට සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය වලින් සිසු සිසුවියෝ 2250ක් පමණ ඉගෙනුම ලබති. කෙසේ නමුත් පසුගිය කාලය තුළ එම පාසලට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුවූ අතර, විශේෂයෙන්ම ජාතික මට්ටමේ විභාගවලට පෙනී සිටින දරුදැරියන්ට එමගින් විශාල බලපෑමක් එල්ල විය. එම තත්ත්වය හඳුනාගනිමින්, දරුවන්ට සුරක්ෂිත ලෙස අධ්‍යාපනය ලැබීමට හැකි වන ආකාරයට පාසල් ගොඩනැගිල්ල නවීකරණය කිරීම සඳහා, රයිනෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂතුමා ප්‍රමුඛ එහි ඉහළ කළමනාකාරීත්වය තීරණය කළේ ය.
වගකීම්සහගත ආයතනික පුරවැසියකු වශයෙන් රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම වසර 60කට අධික කාලයක් තිස්සේ රටේ යහපත උදෙසා පෙරමුණ ගෙන කටයුතු කර තිබේ. මෙම නවතම ව්‍යාපෘතිය සමගින් එම සමාගම, රටේ වටිනාම සම්පත වන දරු පරපුරේ හෙට දිනය වඩාත් යහපත් කිරීම සඳහා ඉදිරිපත් විය.
අලුත්වැඩියා කළ ගොඩනැගිල්ල නිල වශයෙන් තක්ෂිලා විද්‍යාලයට භාරදීමේ උත්සවය පසුගිය අගෝස්තු 26 දින පැවති අතර, එම අවස්ථාවට ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන් නියෝජයනය කරමින් සෞන්දර්ය විෂය අධ්‍යක්ෂක, කේ.එස්.පී. කරුණානායක මහතා, රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම්, එම සමාගමේ අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉන්දික රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළුව එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සහ තවත් සම්භාවනීය අමුත්තන් පිරිසක් එක්වූහ.