• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාමයි බෑනයි ලාම්පු කළගෙඩි සෙල්ලමයි…

September 19, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
මාමයි බෑනයි ලාම්පු කළගෙඩි සෙල්ලමයි…
Share on WhatsAppShare on Facebook

Referendum යන ඉංග්‍රීසි වචනයට මලලසේකර ශබ්දකෝෂයේ එන සිංහල අරුත වනුයේ ජනමත විචාරණය යන්නය. එහෙත් ලංකාවේ ව්‍යවහාරික භාෂාවේ ඊට දෙන සරල අරුත වනුයේ ලාම්පු කළගෙඩි සෙල්ලමයි. Referendum යන්න ලාම්පු කළගෙඩි සෙල්ලම ලෙසින් ලාංකේය ජන සමාජයේ පැලපදියම් වීමට හේතුව මෙරට පැවැත්වූ ප්‍රථම ජනමත විචාරණයේ භාවිත වූ සලකුණ ලාම්පුව සහ කළගෙඩිය වීමය.

ලංකාවේ පැවැත්වූ පළමු ජනමත විචාරණය වූ කලී සිය අසීමිත බලය තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා එවක හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් ගැසූ ව්‍යවස්ථානුකූල ගැටයකි. තවත් විදියකට කිවහොත් ජනතා ව්‍යවස්ථාවට මුවාවී ඡන්ද අයිතියට පිහියෙන් ඇනීමකි. 1982 ඔක්තෝබර් මාසයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ජයගත්තද ජේ.අර්. ජයවර්ධන තම පාලනයට එරෙහිව නැඟී එමින් තිබූ ජනතා අප්‍රසාදය හඳුනා ගත්තේය. එහෙයින් මීළඟ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ 1983 වසරේ අගෝස්තුවට පෙර මේ මැතිවරණය කල්දැමීමට කුමක් හෝ දහන්ගැටයක් ගැසීම ජයවර්ධන පාලනයේ අවශ්‍යතාව විය. ඊට අවශ්‍ය ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන 78 ව්‍යවස්ථාවට කල් තබා අතුළත් කර තිබූ නිසා පවතින පාර්ලිමේන්තුවේ ආයු කාලය 1989 අගෝස්තු 04 වැනිදා දක්වා දීර්ඝ කරගන්නට ජනමත විචාරණයක් කැඳවීමට ජේ.ආර්. ජයවර්ධන පියවර ගත්තේය. 1982 දෙසැම්බර් මස 22 වැනිදා පවත්වනු ලැබූ එකී ජනමත විචාරණයෙන් පවතින පාර්ලිමේන්තුව තවත් වසර 06කට පවත්වාගෙන යාමට ජනතා කැමැත්ත විමසා සිටින ලදී. එහිදී එම යෝජනාවට පක්ෂ පාර්ශ්වයන් ලාම්පුව ලකුණ ඉදිරියේද, විපක්ෂ පාර්ශ්වයන් කළගෙඩිය ඉදිරියේද කතිරය ගැසිය යුතු විය. අවසානයේ ඡන්දදායකයන් 3,14,1223 දෙනකු පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීමටද, 2,60,5983 දෙනකු ඊට විරුද්ධවද ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර, 1977 පත්වූ පාර්ලිමේන්තුව 1989 තෙක් ඇදගෙන යෑමට එමගින් ජනවරම හිමි විය.

මේ හදිසියේ 1982 ජනමත විචාරණය ගැන කතා කරන්නේ අහවල් දේකටදැයි ඔබට සිතෙන්නට පුළුවන. චක්‍රයක් පරිද්දෙන් කැරකෙන දේශපාලන ලෝකයේ ඉදිහාසය ප්‍රතිනිර්මාණය වනුයේ හරි පුදුම ආකාරයටය. 1982 ලංකාවේ පළමු විධායක ජනාධිපති වූ ජූනියස් රිචර්ඩ් ජයවර්ධන ජනමත විචාරණයක් පැවැත්වූ ආකාරයෙන්ම දශක හතරකට පසු ජේ.ආර්.ගේ බෑණනුවන් වන ලංකාවේ අටවැනි විධායක ජනාධිපති වන රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ ජනමත විචාරණයකට සූදානම් වෙමින් සිටී. එහෙත් රනිල්ගේ ජනමත විමසුම සහ ජේ.ආර්.ගේ ජනමත විමසුම අතර පහැදිලි වෙනසක් තිබේ. එදා ජේ.අර්. ජනමතය විමසුවේ පැවැති පාර්ලිමේන්තුව වසර හයකට දීර්ඝ කිරීමටය. මෙදා ජේ.ආර්.ගේ බෑණා රනිල් ජනමතය විමසන්නට යන්නේ වෙනමම කාරණාවකටය. ඒ, ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධවය. ඒ පිළිබඳ රනිල්ගේ බළලා මල්ලෙන් එළියට පනින්නේ පසුගියදා මෙරටට පැමිණි US AID නියෝජිත පිරිසේ ප්‍රධානී සමන්තා පවර් සමග පැවැති සාකච්ඡාවේදීය. නව ත්‍රස්ත විරෝධී පනතක් ගෙන ඒමටත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අවශ්‍ය දේශපාලන එකඟතාවන් සහිතව කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් සියලු පක්ෂ වෙනුවෙන් ලබාදී ඇති බවත්, එසේ සිදු නොවනවා නම් ජනමත විචාරණයක් මගින් රටේ අදහස විමසා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමන්තා පවර් හමුවේ පැවැසුවේය.

රනිල්ගේ එම ප්‍රකාශය අනුව 19 සහ 22 යන ව්‍යවස්ථා සංශෝධන සඳහා ජනමත විචාරණයකට යාමේ සූදානමක් ඔහු තුළ පවතින බව සිතාගත හැකිය. 22ට එරෙහි පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එකී සංශෝධනයන්හි ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත විය යුතු බව ප්‍රකාශ කිරීම නිසා ජනාධිපතිවරයා මේ තීරණය ගත්තා විය හැක. කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ජනමත විචාරණ සූදානම විපක්ෂය ලිට්මස් පරීක්ෂණයක් ස්වරූපයෙන් භාරගැනීමට දැන් සිටම සූදානම් වන බව පෙනෙන්නට තිබේ. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනතාවට එදා වේල කන්නට බැරිව සිටිනා අවස්ථාවේ ජනාධිපතිවරයා මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා යාමට උත්සහ දරන බවයි. එමෙන්ම එහි දිගුවක් ලෙස ව්‍යවස්ථා සංශෝධනයට අදාළ අනුමැතිය ලබාගනු වස් ජනමත විචාරණයකට යාමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවත් එකී උත්සාහය අභියෝගයක් ලෙස භාරගැනීමට විපක්ෂය සූදානම් බවය. ඒ අනුව තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට අභියෝග කරන්නේ හැකිනම් ජනමත විචාරණයක් පවත්වන ලෙසයි. ඊට හේතුව වනුයේ ජනමත විචාරණයේ ප්‍රස්තුතය කුමක් වුවත් එය රජයට එරෙහි මහජන කලකිරීම පෙන්වන ද‍ර්ශකයක් ලෙස භාරගැනීමට විපක්ෂයට ඇති වුවමනාව බව පැහැදිලිය.

රනිල්ගේ මාමා වන ජේ.ආර්. පැවැත්වූ ජනමත විචාරණය නිසා මෙරට මහ මැතිවරණ සිතියම වසර පහකට හකුළන්නට සමත් වූ අතර එමගින් වයස 18 දී තම කුළුඳුල් ඡන්දය ආණ්ඩුවට එරෙහිව පාවිච්චි කිරීමට සූදානමින් සිටි දස දහස් ගණන් තරුණ තරුණියන්ට ඒ සඳහා වයස 25 පසුවන තෙක් බලා සිටීමට සිදුවිය. 1970 කැරැල්ල මඬින්නට සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව ගෙන ආ අපරාධ යුක්ති කොමිෂන් සභාව ජේ.ආර්. විසින් අහෝසි කිරීම නිසා නිදහස ලබූ රෝහණ විජේවීර ප්‍රමුඛ ජ.වි.පෙ. සාමාජිකයන්ට සහ පක්ෂයක් ලෙස ඔවුනට ආකාර්ෂණය වෙමින් සිටි ලක්ෂ සංඛ්‍යාත තරුණ ඡන්දදායකයන් ජේ.ආර්.ගේ අත්තනෝමතික ජනමත විචාරණය නිසා බලවත් අපේක්ෂා භංගත්වයකට පත්වූ අතර, ඔවුන් තුළ වර්ධනය වෙමින් පැවැති එකී තත්ත්වය දැවැන්ත විරෝධයක් වී 87 – 89 භීෂණ සමය නිර්මාණය විය.

ජනමත විචාරණයකින් පර්ලිමේන්තු කාලය දිගුකර ගැනීමත්, ඉන් අනතුරුව ඒකීය රාජ්‍ය දිවුරුම නිසා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය පවා හිමිව තිබූ අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් ඇතුළු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට සිය මත්ත්‍රී ධුර අහිමිව යාමත් එම කාලයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් විය. එම නිසා 1983 සිට 1989 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උතුරු-නැඟෙනහිර ද්‍රවිඩ ජනයාට තිබූ නියෝජනය අහිමිව යන ලදී. මේවා ඉතිහාසයේ නිවැරදි කළ නොහැකි වැරදි වන අතර ජීවිත දහස් ගණනකින් මේ වන විටත් ඊට වන්දි ගෙවා ඇත. මාමාගේ ජනමත විචාරණයේ ශේෂපත්‍රය එසේ වන බැවින් අපට බෑණා තියන්නට යන ජනමත විචාරණය ගැනද ඇත්තේ පොඩිපහේ විචිකිච්චාවකි. මන්ද ජනමත විචාරණයකින් සම්මත කරගන්නට යන දේ අතර අධිකරණය විසින් පවතින ව්‍යවස්ථාවට අනුකූල නොවන බව පවසා ඇති වගන්ති කිහිපයක්ද වන බැවිනි.

ව්‍යවස්ථා සංශෝධනයකට ජනමත විචාරණයක් තියන්නට යන මුල් අවස්ථාව ලෙස නොවේ. මීට පෙර හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායකද මෙවැනි උත්සාහයක් ගත්තාය. ඒ, වර්ෂ 2000දීය. වසර 2000 පැවැති මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් දිනාගෙන තිබුණේය. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරත් සමග ඔවුන්ට හිමිවී තිබූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 107ක් විය. ප්‍රධාන විපක්‍ෂය වූ එ.ජා.ප.යටද මන්ත්‍රී ධුර 89ක් ලැබී තිබුණේය. එහෙයින් ජනපතිනි චන්ද්‍රිකා හතර අතට ඇමැති ධුර බෙදමින් සිය ආණ්ඩුව රැක ගන්නට උත්සාහ ගත්තාය. ඒ අතර ඇය යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංවිධාන සහිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පැකේජය ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීමට වහා සූදානම් වූවාය.

එහෙත් මුස්ලිම් කොංග්‍රසයේ රාවුෆ් හකීම් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමග ආණ්ඩුවේ අර්බුදය ආරම්භ විය. 2001 වසරේ ජූලි මස 11 හෝ ආසන්න දිනක මන්ත්‍රීවරු 115 අස්සන් කළ විශ්වාසභංගයක් කතානායකට භාරදීමට විපක්ෂය කටයුතු කළේය. තම පරාජය ස්ථිර බව දැනගත් ජනාධිපතිනිය වහා පාර්ලිමේන්තු සැසිවාරය අහෝසි කළාය. ඒ නිසා පැකේජය, ජනමත විචාරණයකට ඉදිරිපත් කිරීම කල් ගියේය.

මේ අවස්ථාවේ ආණ්ඩුව රැකගැනීමට ඉදිරිපත්වූ මංගල සමරවීර සහ ලක්ෂ්මන් කදිර්ගාමර් දෙදෙනා ජ.වි.පෙ. සමග ආණ්ඩුව රැකගැනීමට ගිවිසුමකට එළඹෙන ලදී. පරිවාස ආණ්ඩු ගිවිසුම නම් එම ගිවිසුමට ජ.වි.පෙ. ගෙන ආ මුල්ම කොන්දේසි වූයේ යෝජිත ජනමත විචාරණය අවලංගු කිරීම සහ 40 ඉක්මවා සිටි අමාත්‍ය මණ්ඩලය 20කට අඩු කිරීමය. වෙන කළ හැකි දෙයක් නොවූ නිසා ජනපතිනිය එයටද එකඟ වූවාය. එහෙත් අමාත්‍ය මණ්ඩලය කුඩා කිරීමේදී එ.ජා.ප.යේ සිට චන්ද්‍රිකාගේ දෑත් ශක්තිමත් කරන්නට පැමිණි සරත් අමුණුගම, විජේපාල මෙන්ඩිස් සහ වි.ජ.මු. ලොකුබණ්ඩාර යන අයට ඇමැති ධුර අත්හරින්නට කීමට ඇයට නොහැකි විය. ඊට පක්ෂයේ පැරණි සාමාජිකයන් එරෙහි වූ අතර ජනපතිනිය පත්වූයේ බලවත් අපහසුතාවකටය. අවසානයේ මංගල සමරවීර කැමැත්තෙන් සිය ඇමැති ධුරය අතහැරියේය. ඔහු අනුගමනය කරමින් සංස්කෘතික ඇමැති ටී.බී. ඒකනායකද ධුරය හැර යන ලදී. අවසානයේ 40 ඇමැති මණ්ඩලය 23කට සීමා කරන්නට සමත් වුවද ජ.වි.පෙ. ඊටද එකඟ නොවීය. පීඩනය දරාගත නොහැකිවූ ජනාධිපතිනිය එ.ජා.ප යෙන් පැමිණි විජේපාල මෙන්ඩිස්ද සංස්කෘතික ඇමැතිකමින් ඉවත් කර අමාත්‍ය මණ්ඩලය 20කට අඩුකර ගත්තාය. ඒ අනුව 2001 සැප්තැම්බර් 05 වැනිදා ආණ්ඩුව ජ.වි.පෙ. සමග පරිවාස ගිවිසුමකට එලඹියේය. ජ.වි.පෙ. – පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය 2001 සැප්තැම්බර් 14 දින දිවුරුම් දුන් අතර අනතුරුව පාර්ලිමේන්තුව කැඳවනු ලැබීය.

එහෙත් ආණ්ඩුවේ කඩාවැටීම නතර කළ නොහැකි විය. 2001 ඔක්තෝබර් 08 වැනිදා ශ්‍රීලනිපයේ ලේකම් ධුරයෙන් එස්.බී. දිසානායක ඉවත් කර ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන පත්කිරීම සිදුවිය. ඔක්තෝබර් 09 වැනිදා පොදු පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන එක්සත් පෙරමුණේ බන්දුල ගුණවර්ධන මහතා විපක්‍ෂයේ අසුන් ගත්තේය. ඊට පසුවදා එනම් 2001 ඔක්තෝබර් 10 වැනිදා එස්.බී. දිසානායක, මහාචාර්ය ජී.එල්. පිරීස්, මහින්ද විජේසේකර, විජේපාල මෙන්ඩිස්, බන්දුල පරාක්‍රම ගුණවර්ධන, එදිරිවීර ප්‍රේමරත්න, ජයසුන්දර විජේකෝන් හා ආනන්ද මුණසිංහ යන පොදු පෙරමුණු මන්ත්‍රීවරු 08 දෙනා විපක්‍ෂයට එක් වූහ.

ඒ අතර ආණ්ඩුවේ ප්‍රබල බලකණුවක් වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් ආණ්ඩුවෙන් ඉවත් විය. ඔක්තෝබර් 12 වැනිදා ලක්‍ෂ්මන් කිරිඇල්ල සහ සරත් මුණසිංහ යන මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයේ වාඩිවූහ. ඒ අතර ඔක්තෝබර් 16 වැනිදා කතානායක අනුර බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වී පොදුජන එක්සත් පෙරමුණට එක්විය.

මේ තත්ත්වය තුළ තව දුරටත් ආණ්ඩුව පවත්වා ගෙන යාමට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද ප්‍රමාණයක් නොමැති වූයෙන් ජනාධිපතිනිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදී.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රයිනෝ සමාගම ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ දරුවන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමේ මෙහෙවරක…

Next Post

සුන්දර හලාවත නගරයටත් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛාවක්…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.