මහජන බැංකුවේ LANKAQR කේතය ඔස්සේ මහනුවර මහනගර සභාවට අයත් ප්‍රදේශවාසීන්ට ජල බිල්පත් ගෙවීමේ පහසුකම් සලසා දීම සඳහා මහජන බැංකුව සහ මහනුවර නගර සභාව අත්වැල් බැඳගනී.
මේ වැඩපිළිවෙළ සංකේතාත්මකව ආරම්භ කිරීම මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු සහ මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහනුවර මහනගර සභා පරිශ්‍රයේදී සිදුකෙරිණි.
මේ අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, මහනුවර ප්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගගේ, මහනුවර මහ නගර සභාවේ ප්‍රධාන ගණකාධිකාරී ඒ.පී.එච්. මහානාම යන මහත්වරුන් ඇතු`ඵ සහකාර ගණකාධිකාරවරුන්, මහජන බැංකුවේ මහනුවර සහකාර ප්‍රාදේශීය කළමනාකාර තිස්ස තෙන්නකෝන් මහතා, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිණියන් වන අනූෂා අලහකෝන්, කුමාරි දයානන්ද, සෙංකඩගල ශාඛා කළමනාකාරිණී චාමනි වික්‍රමරත්න යන මහත්මීන්ද සහභාගි වූහ.











