• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ජීවිතය දිනන්න හොඳම ඉඩමක් තෝරාගන්න…

August 28, 2021
in Astrology, Kendaraya
Reading Time: 1 min read
A A
ජීවිතය දිනන්න හොඳම ඉඩමක් තෝරාගන්න…
Share on WhatsAppShare on Facebook

යම් අයකු නිවෙසක් ඉදිකරනු ලබන්නේ ජීවිතයේ ඉතිරි කාලය සතුටින් ගෙවාදමන අදහස පෙරදැරිවය. තමන් කාලාන්තරයක් පුරා හරිහම්බ කළ සියල්ල නිවෙසට වියදම් කරන්නට ඇතැම් අය දෙවරක් නොසිතා ඉදිරිපත් වෙයි. ඒ, නිවෙසක් යනු ජීවිතයේ ප්‍රධාන සිහිනයක් වන හෙයිනි. එහෙත් එලෙස සියල්ල කැපකර ඉදිකරන නිවෙස හෝ ව්‍යාපාරික ස්ථානය සියල්ල විනාශ කරන තැනක් නොවී සියල්ල ලබාදෙන තැනක් වෙනවා නම්, එම නිවෙස ඉදිකරන්නාගේ සියලු සිතුම් පැතුම් ඉටුවුණා යැයි සතුටු විය හැකිය. එනිසා නිවෙසක් ඉදිකිරීමට ඉඩමක් තෝරාගැනීමේදී තමාට සතුට සෞභාග්‍යය ගෙනෙන ජය භූමියක් තෝරා ගන්නට සියලු දෙනා උත්සාහ ගත යුතුව තිබේ.

භූමියක් තෝරාගැනීමේදී වඩාත් වැඩි අවධානයක් යොමුකළ යුතු කරුණු අතර භූමියේ බෑවුම්, භූමියේ ජල ප්‍රතිශතය, පසේ ස්වභාවය ආදිය වැදගත් කාරණා වෙනවා. හිරු කිරණ ඉඩමට පතිත වන ආකාරය මෙන්ම ඉඩමේ ඊශාන සහ නැගෙනහිර දිශාවන්ද සුවිශේෂ කාරණා. මේ කරුණු මුල් කරගෙන බලද්දී ඉඩමේ උතුර, ඊශාන, නැගෙනහිර දිශා බාධාවලින් තොරව අඳුරු ලෙස මුළුගැන්වීමකින් තොරව නිදහස් හිරු කිරණ පතිත වන ආකාරයට පිහිටා තිබීම ඉතා වැදගත් දෙයක්. ඉඩමේ හතර මුල්ලේ කිසිදු තැනක වැසිකිළියක් හෝ වැසිකිළි වළවල් නොතිබීම අතිශය සුබදායකය. එමෙන්ම මෙම හතර මුල්ල තුළ පල් වතුර එක්රැස් වන ආකාරයේ වළවල් ඇත්නම් එයද තදබල අශුභ තත්ත්වයකි.

ඉඩමට පිවිසි පසු පෙනෙන මානයේ සොහොන් කොත් හෝ වෙනත් සංකේත, සලකුණු අසුබ යැයි සිතෙන දර්ශන වේ නම් එයද සුබ නැත. ඔබ මුලින්ම ඉඩමට පය තබන මොහොතේ සිතට දැනුණු හැඟීම කිසිදු ආකාරයකට නොසලකා හැරීමට නොසිතිය යුතුය. යම් ලෙසකට ඔබට දැනුණු එම සිතුවිල්ල අශුභ එකක් නම්, එම ඉඩම ගැනීමට පෙර දෙවරක් සිතන්න. එමෙන්ම ශුභ හැඟීමක් දැනුණේ නම් එම ඉඩමද ඔබගේ ජීවිතයට ශුභදායී අයුරින් බලපානු ඇත. ඉඩමට පිවිසි පසු ඇසෙන ශබ්දද ඉතා වැදගත් බවද මතක තබාගත යුතුය. එහිදී මිහිරි කුරුලු නාද ආදිය ඇසෙන ඉඩම ශුභ වුවද අමිහිරි සත්ව හඬවල් විලාප ආදිය ඇසෙයි නම් එම ඉඩමේ ගෙවන ජීවිතයද ශුභ නොවනු ඇත. ඔබට අදාළ ඉඩමට පිවිසි විගස ඇසෙන දැනෙන දකින දේවල් ඉඩම තෝරාගැනීමේ නිමිති ලෙස සලකා ක්‍රියා කිරීම වැදගත් වේ.

මේ සියලු කාරණා සමග භූමියේ බෑවුම් යෙදෙන දිශාව කෙලෙසද යන්නත් විමසිලි මහත්විය යුතු කරුණකි. එය ඉඩමක් තෝරාගැනීමේදී අතිශය වැදගත්ය.

යම් ඉඩමක උතුරු දිශාවට ජල බැස්ම සහිතව අනෙකුත් දිශාවන් සම තත්ත්වයක පිහිටයි නම් එවැනි ඉඩමක් වාසයට ඉතා සුදුසු එකකි. එහි වාසය කරන්නන්ට ධන ලාභ ලැබේ. වාසනාවන්තය. ශුභය.

ඊශාන දිශාව පමණක් පහත්ව අනෙකුත් දිශා සම මට්ටමේ පවත්නා ඉඩමක ජලය ගලා බසින්නේ ඊශානට නම් එහි පදිංචි වූවන්ට සැප සම්පත් හිඟ නොවේ. ජය ලැබේ.
නැගෙනහිර දිශාවට පමණක් බෑවුම් යෙදී ඉඩමේ ජලය එදෙසට ගලා යයි නම් අනෙකුත් දිශා සියල්ල සම මට්ටමේ පිහිටයි නම් එම ඉඩමේ පදිංචි අයට සුව වේ. දියුණුවද ලැබේ.

ගිනිකොණ දිශාවලට ජලය බැස යන අනෙකුත් දිශා සමව පිහිටි ඉඩම ධන හානි ගෙනදෙන භූමියකි.

දකුණු දිශාවට ජලය බැසයන අනෙකුත් දිශා සමව පිහිටි ඉඩම එහි වාසය කරන්නන්ට කනගාටුවට කරුණු උදාකරවයි. දුක ගෙනදෙයි.

නිරිතට බැස්ම සහිතව අනෙක් දිශාවන් සමව පිහිටි ඉඩමේ අලාභ හානි පෙන්වයි. පාඩු සිදුවේ.

බස්නාහිරට බැස්ම යෙදී අනෙක් දිශා සම මට්ටමේ පිහිටි ඉඩම සතුරන් ඇති කරදෙන පිහිටීමකි.

වයඹ පැත්තට පමණක් ජලය බැසයන අනෙකුත් දිශා සම මට්ටමේ පිහිටි ඉඩම සිතේ නොසන්සුන්තාවට හේතු ඇති කරවයි.

මෛ කරුණු ගැන අවධානයෙන් ඉඩමක් තෝරා ගැනීමෙන් ඔබගේ සිහින නිවෙස සතුට උතුරන තැනක් බවට පත් කරගැනීමට පහසු වනු ඇත.

ප්‍රවීණ ජ්‍යොතිෂ හා අංග ලක්ෂණ පර්යේෂණවේදී ජයශ්‍රී නන්ද කුමාර

SendShareShare
Previous Post

සෙංකඩගල උල්පැන්ගෙයි හෙළිනොවූ අබිරහස

Next Post

මහජන බැංකුවේ Lanka QR ඔස්සේ මහනුවර මහනගර සභාවේ ප්‍රදේශවාසීන්ට ජල බිල්පත් ගෙවීමේ පහසුකම හිමිවේ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.