කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ (PIM) ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ 18 වැනි මහා සභාව පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැති අතර එහි සභාපතිත්වය දිනේෂ් හමංගොඩ මහතාගෙන් ජයලාල් හේවාවසම් මහතාට පිරිනමන ලදී. ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරියකු වන හේවාවසම් මහතා බි්‍රතාන්‍යයේ වරලත් අලෙවිකරුවන්ගේ සංගමයේ හා වරලත් රක්ෂණ සංගමයේද, ශ්‍රී ලංකා වරලත් රක්ෂණ වෘත්තිකයන්ගේ සභාවේද සාමාජිකයෙකි. වරලත් අලෙවිකරුවකු හා වරලත් රක්ෂණ වෘත්තිකයකු ලෙස වසර 22ක පළපුරුද්දක් ඇති ඔහු දැනට ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (පෞද්ගලික) සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි.
කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය (PIMA) සිය නායකත්වය යටතේ විශ්වවිද්‍යාල, විද්වත් ආයතන, පෞද්ගලික සමාගම් හා රජයේ ආයතන වෙනුවෙන් උසස් මට්ටමේ වැඩමුළු හා බුද්ධිමය වැඩසටහන් සඳහා වැඩි වශයෙන් යොදවන්නට අපේක්ෂා කරන බව හේවාවසම් මහතා පැවසීය. PIMA 2019/20 වර්ෂයේ උපායමාර්ගික හවුල්කරුවා ලෙස Allianz Insurance Lanka Ltd ඉදිරිපත්ව සිටී.