ශ්‍රී ලංකාවේ සෞඛ්‍යාරක්‍ෂිත නිෂ්පාදන ආනයනය, බෙදාහැරීම සහ ඒ හා සම්බන්ධ විසඳුම් සැපයීමේ ප්‍රමුඛයකු වන Emar Pharma (Pvt) Ltd පසුගියදා ෂීධ 9001:2015 ප්‍රමිති සහතිකයෙන් පිදුම් ලැබීය. අන්තර්ජාතිකව පිළිගත් ප්‍රමිතීන්ට අනුව ප්‍රදානය කරනු ලැබූ මෙම සහතිකය තුළින් එහි නිෂ්පාදන සහ සේවා අංශයේ ගුණාත්මක බව මෙන්ම ගුණාත්මක බවින් යුතු ඉහළ කළමනාකරණ පද්ධතියක් තුළින් පාරිභෝගික අවශ්‍යතාවන් උසස් අයුරින් සපුරාලීම පිළිබඳ සහතිකයන් සපයනු ලබයි.
සෑම ශ්‍රී ලාංකිකයකු වෙත උසස්ම තත්ත්වයේ සෞඛ්‍යාරක්‍ෂිත නිෂ්පාදන, සේවා සහ තාක්‍ෂණය සැපයීම Emar Pharma කළමනාකාරීත්වයේ සහ සේවක මණ්ඩලයේ නිරන්තර උත්සාහයයි. මෙය සාක්ෂාත් කරගැනීම සඳහා සමාගම විසින් නව්‍ය හා ගුණාත්මක නිෂ්පාදන අලෙවිකරණය, සදාචාරාත්මක ප්‍රවර්ධනය, කළමනාකරණ කාර්යක්‍ෂමතාව, ශක්තිමත් ආයතනික සබඳතා ගොඩනඟා ගැනීම, නිෂ්පාදන වටිනාකම වැඩි දියුණු කිරීම සඳහා තාක්‍ෂණික සේවා සැපයීම සහ ෂීධ 9001:2015 ප්‍රමිතිකරණය විසින් අනුමත ක්‍රමවේදයන්ට අනුකූලව එහි තත්ත්ව කළමනාකරණ පද්ධතිය පවත්වාගෙන යාම ආදී ප්‍රායෝගික හා ක්‍රියාකාරී පියවර ගැනීමට අයතනයක් ලෙස මෙහි අපේක්‍ෂාව වේ.