තාක්ෂණික ශක්‍යතාව පදනම් කරගත් ප්‍රමුඛතම ශ්‍රී ලාංකික ප්‍රවාහන සේවා සමාගමක් වන PickMe සහ McLarens Lubricants Limited (Mobil) පසුගියදා විශේෂ හවුල්කාරීත්වයකට එළඹිණි. මෙමගින් PickMe සමාගම සමග එක්වී සිටින රියැදුරන්ට Mobil රථවාහන නිෂ්පාදන මිලදීගැනීමේදී විශේෂ වට්ටම් හිමිවේ. තවද Automiraj සහ Hybrid Hub යන සමාගම්ද
PickMe රියැදුරන්ට විශේෂ වට්ටම් පිරිනැමීමට කටයුතු යොදා ඇත.
මේ වනවිට PickMe සිය රියදුරු-හවුල්කරුවන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක්ම හඳුන්වා දී ඇත. උදාහරණයක් ලෙස ‘ PickMe ප්‍රමුඛ’ රක්ෂණ ක්‍රමය තුළදී රියදුරු ශ්‍රේණිගත කිරීමේ ක්‍රමය පදනම් කරගෙන රියැදුරුගේ මුළු පවුලටම රැකවරණය සැලසේ.
රථවාහන, නෞකා, ගුවන්යානා සහ අනෙකුත් කාර්මික අවශ්‍යතා සඳහා උසස් තත්ත්වයේ ලිහිසි ද්‍රව්‍ය සහ රසායනික නිෂ්පාදන බෙදාහරින සමාගමක් වන
Mobil සමාගම ලොව විශාලතම තෙල් සහ ගෑස් සමාගමක් වන ExxonMobil සමාගමේ නිල නියෝජිතයකු ලෙසද කටයුතු කරයි.











