ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඔවුන්ට වඩාත් විශිෂ්ට තලයේ සේවාවක් සැපයීම සඳහා සිය බදුරලිය ශාඛාව නව නිවහනකට රැගෙනයෑමට සෙලාන් බැංකුව කටයුතු යෙදීය.
ඒ අනුව මේ වන විට එම ශාඛාව අංක 142/ 143/144, රත්නපුර පාර, බදුරලිය යන ස්ථානයේ පිහිටා ඇති අතර, එය සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා විවෘතව පවතී. සාමාන්‍ය ගනුදෙනුකරුවන්ටත් ව්‍යාපාරික භවතුන්ටත් මෙමගින් පුළුල් පරාසයක පැතිරුණු බැංකු සේවාවන් ලබාගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.
තවද මෙම ශාඛාවේ පැය 24 පුරා ක්‍රියාත්මක යන්ත්‍රයක් ඇතුළු අනෙකුත් නවීන ඩිජිටල් බැංකු සේවා පහසුකම් ස්ථාපිත කර තිබේ. එම නිසා දැන් එම ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් තම බැංකු සේවා අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.











