පීපල්ස් ඉන්ෂුවරන්ස් නව ප්‍රධාන විධායක නිලධාරී තනතුරට ජීවනී කාරියවසම් මහත්මිය පත්කළ බව පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය පසුගියදා නිවේදනය කළේය. මීට පෙරද පීපල්ස් ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී තනතුර දැරූ කාරියවසම් මහත්මිය, ආයතනය ආරම්භ කළ 2009 වර්ෂයේ සිටම එම ආයතනයේ සේවය කර ඇත. වසර 25කට වැඩි කාලයක් රක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති ඇය, මීට පෙර ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගම් කිහිපයක් වෙනුවෙන් සිය සේවාව ලබාදී ඇත. කාරියවසම් මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ ජීවවිද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ශාස්ත්‍රපති උපාධිධාරිනියකි. එමෙන්ම එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනයේ (CII) සාමාජිකාවක් වන ඇය, ඔස්ටේ්‍රලියා හා නවසීලන්ත රක්ෂණ ආයතනයේ (ANZIIF) ජ්‍යෙෂ්ඨ සහකාර සාමාජිකාවක්ද වේ. ඇය වර්ෂ 2016 සිට 2019 දක්වා ශ්‍රී ලංකා වරලත් රක්ෂණ වෘත්තිකයන්ගේ සංගමයේ සාමාජික ලේකම් ලෙසද, වර්ෂ 2011 සිට 2014 දක්වා ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ කාරක සභිකාවක් ලෙසද කටයුතු කර ඇත.











