• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භූතයෝ හැබැහින් දැකපු අය කියන කතා…

February 27, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
භූතයෝ හැබැහින් දැකපු අය කියන කතා…
Share on WhatsAppShare on Facebook

භූතයෝ…

රාත්‍රිය සෙමෙන් සෙමෙන් උදාවෙමින් තිබිණි. පරිසරයේ ආලෝකය අඳුරින් ගිලගත්තේ සුපුරුදු දින චර්යාවේ තවත් එක් කොටසක් සම්පූර්ණ කරමිනි. අඳුරින් වැසුණු වනලැහැබක කොහේදෝ තැනෙක බස්සකුගේ හඬ විටින් විට ඇසෙන්නට පටන් ගත් ඇසිල්ලේ බල්ලකු විලාප තබන මූසල හඬක්ද ඇසුණේය. සුපුරුදු ලෙසට සිය ඉඩමට ඇතුල් වීමට ඇති ගේට්ටුව වසා දැමූ ජී.මහේන්ද්‍ර මහතා නිවෙස දෙසට ඇවිද ගියේ අවට පරිසරයේ සිරිය අඳුර අතරින් විඳිමිනි. ඒත් සමගම තමා දෙස ඉතා ඕනෑකමින් බලා සිටින කෙනෙකු නිවෙසේ ආලින්දයේ ඇති හාන්සි පුටුවේ සැපට වාඩි වී සිටිනු ඔහු දුටුවේ පසුවය.

කොහෙන් ආව කෙනෙක්ද? කාගේ කවුද? මොනවට ආවද? මේ ආදී ප්‍රශ්න වැලක් සිත තබාගෙන මහේන්ද්‍ර මහතා ආලින්දයට පය තැබුවද අමුත්තා සිටි අසුන හිස්ව තිබෙනු දැක ඔහු විමතියට පත්විය. පසුව ඔහු දුටුවේ අමුත්තා ගේට්ටුව හැරගෙන යන්නට යන දසුනකි. යම් දෙගිඩියාවක් දැනුණද මහේන්ද්‍ර මහතා ඒ ගැන වැඩිදුර නොසිතා සිටින්නට උත්සාහ කළේ තමා අද්භූත පුද්ගලයකු දුටු බව විශ්වාස කරමිනි.

ඔහු මේ අත්දැකීම ඊට පසුවද දින කිහිපයක්ම අත්වින්දේ එකිනෙකට වෙනස් වූ ආකාරයටය. එනිසාම තමාට හිතවත් යන්ත්‍ර-මන්ත්‍රකරුවකුට මේ බව කියූ මහේන්ද්‍ර මහතා ඒ ගැන තොරතුරු විමසූ විට එවන් භූත ආත්ම අනන්තවත් සිටිය හැකි බව දැනගෙන තිබිණි. එසේ තමන් කිහිප දිනක් දුටුවේ භූත ආත්මයක්ම බව මහේන්ද්‍ර මහතා පිළිගත් අතර පසුව කට්ටඬි මහතාගේ උපදෙස් අනුව ක්‍රියාකර එයින් නිදහස් වීමටද ඔහු කටයුතු කර තිබිණි.

මේ පිළියන්දල ප්‍රදේශයේ ජීවත් වූ පසුව පදිංචිය වෙනස් කර අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වූ පසු ලැබූ සත්‍ය අත්දැකීමකි. හෙළ ජනප්‍රවාදයන්ට අනුවත් යන්ත්‍ර-මන්ත්‍ර පොතපතට අනුවත් භූත ආත්ම අප අතර ඇති බව හඳුනා ගැනීම අපහසු නොවේ. එවැනි කතා පුවත් අනන්තවත් සමාජය තුළින් හමුවෙයි.

මෙරට නමගිය යන්ත්‍ර-මන්ත්‍රකරුවකු අප සමග පැවැසූ තොරතුරු අනුව එවන් භූත ආත්ම නිසා පීඩාවටපත් විශාල පිරිසක් සමග කතාබස් කරන්නට අපට අවස්ථාව හිමිවිය. ඔවුන් ලද අත්දැකීම් විවිධාකාරය. ඇතැම් ඒවා විශ්වාස කළ නොහැකි තරමේ සත්‍ය එහෙත් භූතයන් යනු කිසිවකු නොසිතන ආකාරයේ වැඩ කරන්නට හැකියාව ඇති කොටසක් බව ජනප්‍රවාද ඇසුරේ හඳුනාගත හැකිය. මේ පළවන්නේ තමන් ලද අත්දැකීම් ගැන සිය කැමැත්තෙන් අපට කියූ කිහිප දෙනෙකුගේ කතා ඔවුන්ගේම වචනවලිනි.

මහනුවර ගමගේ මහතාගේ අත්දැකීම…

මං ගෙදර වහලා දාලා රට ගිහින් හිටියේ. මෑතකදී තමයි ආපහු ආවේ. ඔහොම ඉද්දි දවසක්, මං වාහනය රිවස් කරද්දි පාරේ ඉඳන් කවුද අතින් සංඥා කරමින් පාර හරි බව කිව්වා. මං බය නැතුව ඒ කියන විදියට ගත්තා. අන්තිමට වාහනේ අල්ලපු ගෙදර ගේට්ටුවේ හැපිල නැවැතුණේ. ඒ ගෙදර මනුස්සයා මට හොඳටම බැන්නා. එදා මට හිතුණේ මට වාහනේ රිවස් කරන්න උදව් කළේ එහා ගෙදරකෙනා කියලා. ඒත් ඊට පසුවත් ඔය වැඩේම වුණා. බැහැලා බලද්දි කවුරුවත් නැහැ. මේක ටික ටික හිතට වධයක්. මං වාහනේට නැඟලා රිවර්ස් කණ්ණාඩියෙන් බලද්දි ඒ මනුස්සයා බලාගෙන ඉන්නවා. පස්සේ මං මේ බව වෙදමහත්තයට කිව්වාම එයා තමයි මේ භූත ආත්ම ගැන කියලා දුන්නෙ. මටත් ඒ බව පැහැදිලි වුණා. වෙදමහත්තයා තෝත්තරයක් කරලා ඒ ප්‍රශ්නෙ විසඳලා දුන්නා. දැන් එහෙම කරදරයක් නැහැ.

මෙවන් විවිධ වූ අත්දැකීම් ජනතාවට විඳින්නට හේතුපාදක වූ භූතයින් ගැන කතා විවිධ ජනප්‍රවාද ඔස්සේ හඳුනාගත හැකි අතර බොහෝ නිවාස, ගොඩනැඟිලි පාළුවීම, හුදකලා වීම තුළ මෙවන් ආත්ම එම නිවාසවලට අරක්ගන්නා බවත් අපට පැවැසුවේ පෙර අදහස් දැක්වූ පිරිස අපට මුණගැස්වූ වෙද මහතාමය.

කඩවත පදිංචි බණ්ඩාර මහතාගේ අත්දැකීම…

මං මුලින් පදිංචිවෙලා හිටියේ කුලී ගෙදරක. ඒ නිසා බැංකු ලෝන් එකක් අරන් කඩවතින් ගෙයක් ගත්තා. ටිකක් පරණ තාලේ වුණත් වැදගත් පෙනුමක් ඒ ගෙයි තිබුණා. කොටින්ම කිව්වොත් වලව්වක් වගේ පෙනුමක්. හැබැයි අපේ ගෙදර අය නිතරම කිව්වා මේ ගෙයි හොල්මන් ඇති, අමුතු ගඳකුත් එනවා කියලා. මං ඕවා ගණන් ගත්තෙ නැහැ. ඔය අතරෙ දවසක් මං, කෑම කාලා පිඟාන හෝදන්න කුස්සියට යද්දි හට්ටි, මුට්ටි තියෙන තැන කවුද මිටි මනුස්සයෙක් ඉඳලා මං යන කොට දොර අස්සට ගියා. පස්සෙ දොර අස්සෙ බැලුවත් එහෙම කෙනෙක් හිටියේ නැහැ. මං ගෙදර අයට මේ ගැන කිව්වෙ නැහැ. බයවෙයි කියලා. ඊට පස්සෙ ටික දවසක් යනකම් ආයෙ එහෙම දෙයක් දැක්කෙ නැහැ. ඒත් දින කිහිපයකට පස්සෙ තවත් දවසක් ඔය මනුස්සයා අපේ ෆ්‍රිජ් එක උඩ වාඩිවෙලා ඉන්නවා දැකලා මං හොඳටම බය වුණා. ඊට පස්සෙ තමයි අපි කපු මහත්තයා හොයාගෙන ගියේ.

කුරුණෑගල තිලකා මහත්මිය…

මේ සිදුවීම වුණේ අපිත් කුලී ගෙදරක ඉද්දි. කුඩාඔයට යාබද ඉඩමක තමයි ගේ තිබුණේ. ටිකක් ෆ්ලැට් පැත්තක්. ගෙවල් තිබුණෙත් ඈත ඈත. අනෙක් එක එහෙට කරන්ට් එකත් නැහැ. අපේ මහත්තයත් නිතරම ගෙදර නැහැ. මායි, දරුවයි විතරයි හිටියේ. දවසක් රෑ මං දරුවා නිදිකරලා ඇඳෙන් නැඟිටිද්දි සාලෙ පැත්තට යන උළුවස්ස ළඟ බිම අඩි දෙකක් විතර උස, මිටි, කැත මනුස්සයෙක් වාඩිවෙලා හිටියා. මං දැක්කා විතරයි ටක්ගාලා නැඟිටලා කුස්සිය පැත්තෙන් ගිහින් නොපෙනී ගියා. එදා දවසම මට නින්ද ගියේ නැහැ. මං ඇහැරලා වාඩිවෙලා හිටියා. පහුවදාම, අපේ මල්ලිට කියලා වෙන ගෙයක් හොයා ගත්තා. ඒ ගෙදරටත් ඔය භූතයා හොයාගෙන එයි කියලා හිතුණ නිසා තමයි වෙද මහත්තයට කිව්වේ. වෙද මහත්තයා කිව්වා එහෙම ආවොත් මොනවා හරි කරමු කියලා. තව කිව්වා ඔයවගේ භූතයෝ ගෙවල්වලට අරක්ගෙන ඉන්නවා. උන් වෙන තැන්වලට එන්නෙ නැහැ කියලා. ඒ නිසා මං හිත හදාගත්තා. ඒ කිව්වා වගේ අලුත් ගෙදරට කිසිම භූතයෙක් ආවෙත් නැහැ.

සටහන-කුමාර රත්නායක

SendShareShare
Previous Post

පුටින් ඉල්ලගෙන කන ලකුණු! අමෙරිකාව-ප්‍රංශය-ජර්මනිය භයානක යුද අවි යුක්රේනයට එවයි!

Next Post

පීිපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමට නව විධායක නිලධාරිනියක් පත්කෙරෙයි…

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.