උඩිස්පත්තුව ප්‍රදේශයේ ජනතාවට අතිනවීන බැංකු පහසුකම් සමීප කිරීමේ අරමුණින් මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් (Self Banking unit) පසුගියදා මැදදුම්බර ප්‍රාදේශීය සභා පොළ ගොඩනැගිල්ලේදී විවෘත කෙරිණි.
මෙම ස්වයං බැංකුකරණ ඒකකය, (Self Banking unit) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) මුදල් තැන්පතු යන්ත්‍රයකින් (CDM) සමන්විතය. මේ තුළින් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මු`ඵ වසර පුරාම වඩාත් පහසු, සහ කාර්යක්ෂම ඩිජිටල් බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.
මෙම අවස්ථාවට උඩිස්පත්තුව ශ්‍රී වීරසේකරාරාම විහාරස්ථානයේ විහාරාධිපති, පූජ්‍ය උඩිස්පත්තුවේ ධම්මවංශ හිමි, උඩිස්පත්තුව ශ්‍රී සාලරුක්ඛාරාම විහාරවාසී ශාස්ත්‍රපති දැහැමිගම දේවමිත්ත හිමි, ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමාගේ සම්බන්ධිකරණ ලේකම් නුවන් ප්‍රදීප් දිසානායක, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද ප්‍රේමනාත්, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.











