• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලය ගන්න ඇමැති කෙනෙක් කාහිංගල පුදබිමේ පූජාවක් කරලා!

April 23, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
බලය ගන්න ඇමැති කෙනෙක් කාහිංගල පුදබිමේ පූජාවක් කරලා!
Share on WhatsAppShare on Facebook

ධනයට බලයට ශක්තියට කැමැති නැති කෙනෙක් නැහැ. එනිසා තමයි ධනය බලය ශක්තිය රැකගන්න විවිධ උපක්‍රම යොදන්න බොහෝ දෙනෙක් පෙළඹිලා තියෙන්නේ. මේ තත්ත්වය දේශපාලනයෙදි වැඩිපුරම දක්නට ලැබෙන දෙයක්. එදාමෙදා තුර ඉතිහාසයේ වගේම වර්තමානයෙත් මේ තත්ත්වය දේශපාලන කරළියේ දකින්න ලැබෙනවා. ඒ අතරින් විවිධ විශ්වාසයන් ඔස්සේ යමින් කටයුතු කරන දේශපාලනඥයන් ගැන අදත් අහන්න ලැබෙනවා. ඇතැම් දේශපාලනඥයන් යාග හෝම බලි තොවිල් යන්ත්‍ර මන්ත්‍ර පුද පූජා වගේම ඇසට නොපෙනෙන බලවේග ඇදහීමද ඒවායෙන් පිහිට මෙන්ම උදව් පැතීමද දැකගන්න පුළුවන්.

වර්තමානයේ නම් මේ තත්ත්වය ව්‍යාපාරික මට්ටමට පත්වෙලා තිබෙන බවකුත් පේනවා. සමහර යකැදුරන් යන්ත්‍ර මන්ත්‍රකරුවන් වගේම විශේෂ පුද පූජාබිම් ආශ්‍රිතව කටයුතු කරන, ඒවායේ භාරකරුවන් තම තමන්ගේ හැකියාව සහ දක්ෂතාව මත මෙකී කටයුතු ව්‍යාපාරික මට්ටමින් කරන අයුරුත් දැකගන්න පුළුවන්.

වර්තමාන තත්ත්වය එහෙම වුණත් අතීතයේ ඒ කියන්නේ විවිධ යුගයන්හි මෙරට පාලනය කරපු රජවරුන් හා රාජ්‍ය පාලනයට සම්බන්ධ මැති ඇමැති සෙනෙවිවරුන් සිය අරමුණු බලාපොරොත්තු ජයගැනීම උදෙසා තම විශ්වාසයන්ට අනුව නොයෙකුත් බලවේගයන්ගේ උදව් ලබාගත් බව ඉතිහාසයේ සහ ජනප්‍රවාදයන් ඇසුරේද පැහැදිලි වෙයි.

වර්තමානයේ තම තමන්ගේ බලය රැකගන්න හොඳින් හෝ නරකින් තම අවශ්‍යතාව ඉටුකරගන්න මානබලන හදිහූනියම් කරන බලවතුන් ගැන අහන්න දකින්න ලැබුණත් ඉතිහාසයේ රජවරු මැති ඇමැතිවරු මේ හැම පුද පූජාවන්ම ඇදහීමත් කර ඇත්තේ රට වෙනුවෙන් සහ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බව එම ඉතිහාස පුවත් සහ ජනප්‍රවාද ඇසුරින් විමසා බැලීමේදී පැහැදිලි වෙයි. එවක මේ සියලු ගුප්ත බලවේගයන්ගේ ශක්තිය තමන්ගේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවූ අයුරු ප්‍රකට වන ඉතිහාස පුවත් රාශියක් ඇතත් ක්‍රි.පූ. 1236 සහ 1270 අතර කාල පරිච්ඡේදයට විශේෂ අවධානයක් යොමුකළ හැකිය. එවක මෙරට රජකම් කළේ දඹදෙණි රාජධානිය තුළ සිය බලය කේන්ද්‍ර කරගනිමින් මෙරට පාලනය කළ දෙවැනි පරාක්‍රමබාහු රජුයි. ඔහු මෙරට සියලු අංශයන් ඉතා සාර්ථක ලෙස දියුණුවට පත්කළ සාර්ථක රජ කෙනෙකි. එම සශ්‍රීකත්වය නිසාම ඉන්දීය සතුරන් දෙදෙනකුට ලංකා භූමිය අත්පත් කරගැනීමේ නොනිමි ආශාවක් ඇතිවිය. ඒ කාලිංග මාඝටත් චන්ද්‍රභානු නමැත්තාටත්ය. ඔවුහු මෙරට බලය අල්ලා ගනිමින් ධනය සහ වස්තුව තමන් සතුකර ගැනීමේ ආශාව නිසාම රට පුරා යුද ගිනිදැල් අවුලන්නට කටයුතු කළහ.

තම සේනාවන් සහ යුද උපක්‍රම ඉතා රහසිගත ක්‍රම මගින් පරාජයට පත් කරමින් සතුරන් කටයුතු කරද්දීත් දෙවැනි පරාක්‍රමබාහු රජුට අවශ්‍යව තිබුණේ කෙසේ හෝ ලාංකේය ජනයාගේ ආරක්ෂාව තහවුරු කරමින් රට සංවර්ධනය කරා ගෙන යෑමටය. රජුගේ අභිප්‍රාය මනාව තේරුම් ගත් ඇමැතිවරයා එම අභියෝගය භාරගත්තේය. රජුට විශ්වාසවන්ත ඇමැතිවරයකු ලෙස දේවපතිරාජ පරසතුරු ඉලක්ක බිඳදමමින් පියවරෙන් පියවර ඉතා සූක්ෂ්මව සටන් මෙහෙයවමින් ඒ සියලු සටන් ජයගත් බව ඉතිහාසයේ මනාව සඳහන් වෙයි. දේවපතිරාජ අමාත්‍යවරයාගේ මේ විස්මිත සටන් ක්‍රමවේදය ගැන එවක දෙවැනි පරාක්‍රමබාහු රජුද පුදුමයට පත්වූ අතර රටවැසියාද සිටියේ ඇමැතිවරයාගේ හපන්කම් පිළිබඳ ඇතිකරගත් විශ්වාසයෙනි.

පළමු සටනේ සිට පිළිවෙළින් සහ පියවරෙන් පියවරට ක්‍රමානුකූලව සටන් මෙහෙයවමින් ඉතා නිර්භීතව සූක්ෂ්මව කටයුතු කළ දේවපතිරාජ අමාත්‍යවරයා ලක් පොළොව පර සතුරන්ගෙන් මුදාගෙන දැඩි අනතුරකට ගොදුරුව තිබූ ප්‍රදේශ රැසක් යළිත් ලක් රජයේ පාලනයට නතුකර දුන්නේ අභීත හෙළයකු ලෙස පෙරට එමිනි.

දෙවැනි පරාක්‍රමබාහු රජු දේවපතිරාජ අමාත්‍යවරයාගේ සුවිශේෂ කැපවීම අගයමින් ඔහු කළ සේවයට කෘතගුණ සැලකීමට ආන්දෝලනාත්මක තීන්දුවක් ගත්තේය. ඒ අනුව දක්ෂිණ රාජ්‍යයේ කතරගම සිට කළුගංතොට දක්වා වූ ප්‍රදේශය දේවපතිරාජ ඇමැතිවරයාට පවරා දුන්නේ උප රාජ්‍යයක් ලෙස පාලන කටයුතු කරගෙන යෑමේ පූර්ණ බලය ඔහුට පවරමිනි.

විවිධ කාල රාමු අතර ඇතිවූ පරසතුරු ආක්‍රමණ සහ යුදමය ක්‍රියාකාරකම් සම්බන්ධ ජනප්‍රවාද සහ ඉතිහාස සටහන් විමසද්දී දේවපතිරාජ අමාත්‍යවරයා දෙවැනි පරාක්‍රමබාහු රජු සමයේ කළ මේ විස්මිත යුද විජයග්‍රහණයන් ගැන විශේෂත්වයක් කොට පෙන්වා දී තිබේ. ඊට හේතුවී ඇත්තේ දේවපතිරාජ අමාත්‍යවරයාට එකී හපන්කම් කරන්නට උදව් වූ බලගතු ගුප්ත ශක්තියක් ගැනද ජනප්‍රවාද ඇසුරේ හෙළිවෙයි.

එම ජනප්‍රවාදයන්ට අනුවත් විවිධ ලිඛිත සටහන් අනුවත් හෙළිවන්නේ දේවපතිරාජ අමාත්‍යවරයාට මෙම විස්මිත යුද ජයග්‍රහණයන් ලැබීමට හැකිවී ඇත්තේ තමන් සිදුකරනු ලබන සෑම යුදමය කටයුත්තකටම පෙර විශේෂිත ස්ථානයකට පූජා පැවැත්වූ නිසා බවයි. එලෙස දේවපතිරාජ අමාත්‍යවරයා පූජා පැවැත්වූ ස්ථානය කාහිංගල පුද බිම බවට මේ වන විට හඳුනාගෙන තිබේ.
එම කාරණාව සනාථ කරන සුවිශේෂ තොරතුරු රාශියක් කාහිංගල පුදබිම තුළින්ම හඳුනාගත හැකි වෙයි. එහිදී දේවපතිරාජ අමාත්‍යවරයාගේ සොහොන් කොත විශේෂ වෙයි. එනම් ඔහුගේ සොහොන් කොත පිහිටි දකුණුලක කොස්ගොඩ ග්‍රාමයට ඉතා සමීපව පිහිටි ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ මෙම කාහිංගල පුදබිම පිහිටා තිබීමයි. ගුප්තමය හාස්කම් සහ විශේෂිත සිදුවීම් සිදුවෙතැයි අතීතයේ ජනයා අතර ප්‍රබල විශ්වාසයක් ඇතිකරන්නට සමත් භූමියක් ලෙස කාහිංගල පුදබිම ප්‍රකටය.

දේවපතිරාජ ඇමැතිවරයා සෑම යුද කටයුත්තකටම පෙර මෙම පුද බිමට පැමිණ දීර්ඝ වේලාවක් පූජා පවත්වා තිබේ. එසේම එම යුද්ධයන් සියල්ල ජයගන්නටද ඔහු සමත්ව තිබේ. එසේ යුද ජයෙන් පසු කාහිංගලට පැමිණි දේවපතිරාජ අමාත්‍යවරයා දිගු වේලාවක් කැපකර බාරහාර ඔප්පු කළ බවත් පැවසෙයි.

කෙසේ නමුත් තම යුද වික්‍රමයන්ට තෑග්ගක් ලෙස ලැබුණු පාලන කාලය තුළ දේවපතිරාජ අමාත්‍යවරයා වෙහෙර විහාර රාශියක් කරවා ඇති බවට සාක්ෂි සාධක රාශියක් හමුවෙයි. එසේම කාහිංගල පුදබිම තුළ දේවපතිරාජ අමාත්‍යවරයා පුද පූජා කළ ස්ථානයද පහන් පැලෙහි කොටස්ද මෙම ස්ථානය තුළ හඳුනාගත හැකිය. එසේම කිසිවකුට ඇදහිය නොහැකි විස්මිත බලයක් ඇතැයි සැලකෙන නා වෘක්ෂයක්ද මෙහි පිහිටා ඇති අතර එය සියවස් ගණනක් පැරැණි බවටත් හෙළිවෙයි.
කෙසේ නමුත් අදද මෙම පුදබිම තුළ බොහෝ හාස්කම් ඇති දේ සිදුවන බවට ජනයා අතර කතාබහක් පවතින අතර එවන් සිදුවීම් අත්විඳි පිරිස්ද බොහෝ ප්‍රදේශවලින් හමුවෙයි. දේවපතිරාජ ඇමැතිවරයාට යුදමය ජයග්‍රහණ ලබන්නට සහාය වූ ගුප්ත බලවේගයන් තවමත් කාහිංගල ක්‍රියාත්මක වෙතැයි බොහෝ දෙනකුගේ විශ්වාසයයි. එහෙයින් කාහිංගලදී කට වරද්දා නොගෙන තම ප්‍රාර්ථනා මෙනෙහි කොට ඒවා සාර්ථක කරගන්නට ආශීර්වාදයක් අයැදින ඕනෑම කෙනකුට ඊට මඟක් හෙළි නොවෙතැයි කිසිවකුටත් තර්ක කළ නොහැකිය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

කුමාරවරුන්ගේ ඔටුනු ගලවපු ගැටවරයෝ! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

මහජන බැංකුවේ වාසි කෝටියයි දිනුම් ඇදීමේ පළමු මිලියනපතිනිය තෝරාගැනේ…

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.