■ රුපියල් බිලියන 236.8ක ඒකාබද්ධ දළ ආදායම සහ රුපියල් බිලියන 37.2ක ඒකාබද්ධ බදු පෙර ලාභයක් වාර්තා කරයි.
■ ක්ෂේත්‍රයේ විශාලතම කොවිඩ් 19 සහන ලබාදෙයි.
■ රජයේ ආර්ථික පුනර්ජීවන සැලසුම්වලට සහාය දෙමින් විවිධ ණය සැලසුම් රැසක් ක්ෂේත්‍රයේ පළමු වරට හඳුන්වාදෙයි.
■ 2021 වසර තුළ රුපියල් ටි්‍රලියන 1.0කට වැඩි ඩිජිටල් ගනුදෙනු සිදුකරයි.
■ 70%කට වඩා වැඩි ගනුදෙනු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ
■ People’s Wave වැඩියෙන්ම භාගත කළ යෙදවුම බවට පත්වෙයි.
■ Lanka Pay ජාතික කාඩ්පත් සැලසුම ලබාදීමේ ප්‍රථමයා බවට මහජන බැංකුව පත්වෙයි.
2021 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ වර්ෂය සදහා වූ ප්‍රතිඵල මහජන බැංකුව ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 110.7ක් කරාද සමස්ත මෙහෙයුම් වියදම රුපියල් බිලියන 50.5ක්ද වූ අතර, එය 2020 වසරට සාපේක්ෂව පිළිවෙළින් 21.9%ක සහ 14.9%ක ඉහළ යාමකි.
ඒකාබද්ධ බදු පෙර සහ බදු පසු ලාභය රුපියල් බිලියන 37.2ක් සහ රුපියල් බිලියන 28.1ක් වූ අතර, එය 51.1%ක සහ 74.6%ක ඉහළ යාමක් පෙන්නුම් කරන්නකි. බැංකුවේ ස්වාධීන පදනමක් මත, සංඛ්‍යාව රුපියල් බිලියන 30.4ක් සහ රුපියල් බිලියන 23.7ක් වූ අතර 2020ට සාපේක්ෂව එය පිළිවෙළින් 43.2%ක සහ 67.3%ක ඉහළ යාමකි. මූලික වශයෙන් ආදායම් වර්ධනය ශුද්ධ පොලී ආදායමෙන් ඇති වූ අතර එය සමස්ත මෙහෙයුම් ආදායමෙන් 90.0%කට ආසන්න විය.
එය බැංකුවේ ණය සහ ආයෝජන එකතුවෙහි වර්ධනයට සමගාමීව 30.2%ක වර්ධනයක් වූ අතර, අරමුදල් පාදක නොවන ආදායම් මූලාශ්‍ර ඉහළ නැංවීමට බැංකුව ගන්නා උත්සාහය විදහා දක්වමින් එහි ගාස්තු ආදායම 23.4%කින්, රුපියල් බිලියන 9 දක්වා ඉහළ නැංවුණි. වියදම් වර්ධනය වැඩි වශයෙන් ඍජු ව්‍යාපාර වර්ධනය අදාළ වේ.
2019 වර්ෂයට සාපේක්ෂව, 2021 වසරේදී බැංකුවේ ආදායම් පිරිවැය අනුපාතය 61.8%ක අගයක් පෙන්නුම් කර ඇති අතර එය 2020 වසරේදී 54.3%ක්ද සහ 2019 වසරේදී 54.3ක් විය. ක්ෂේත්‍රය පුරා දැකිය හැකි පරිදි සාර්ව ආර්ථික පීඩනය පෙන්නුම් කරමින් බැංකු පුරා ණය හානිකරණ ඉහළ ගොස් තිබේ. 2021 වසර අවසානයේදී විවිධ ණය පහසුකම් වැඩසටහන් ඔස්සේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් රුපියල් බිලියන 63.0කට වැඩි මුදලක් ලබාදෙන ලද අතර කෘෂිකාර්මික, තොරතුරු තාක්ෂණ, සැපයුම්, නිෂ්පාදන, තේ සහ සංචාරක කර්මාන්ත යළි නගාසිටුවීම සඳහා සිය පහසුකම් ඔස්සේ රුපියල් බිලියන 1.9ක පමණ මුදලක් ලබාදීමද ඊට ඇතුළත් වේ.