• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

විකටයා වීරයා වීම නොහොත් සජිත් සහ සෙලෙන්ස්කි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

March 19, 2022
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
විකටයා වීරයා වීම නොහොත් සජිත් සහ සෙලෙන්ස්කි! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

2003 නොවැම්බරයේ එවක ජනාධිපති චන්ද්‍රිකා, අගමැති රනිල්ගේ ආණ්ඩුවේ අමාත්‍යාංශ තුනක් පවරාගත් විට රනිල් සිටියේ ඇමෙරිකාවේය. ඔහු ඇමෙරිකාවේ සිට එන විට කටුනායක ගුවන් තොටුපළේ චන්ද්‍රිකාගේ අමාත්‍යාංශ පවරාගැනීමට එරෙහිව විරෝධයතා ව්‍යාපාරයක් සංවිධාන කොට තිබිණි. ජය ඝෝෂා මැද ගුවන් තොටුපළින් එළියට ඇවිත් වාහනයට නැඟගත් රනිල් ඔහුගේ දේශපාලන අගසව් මලික් සමරවික්‍රමද වාහනයට නංවා ගත්තේය. මොහොතකින් මලික්ට ඇමතුමක් ආවේය. ඇමතුම දුන්නේ ඒ වන විට රනිල්ගේ ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති එස්.බී.ය. ඔහු මලික්ට කීවේ විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය වටලන්න සූදානමින් සිටින බවය. රනිල් එයට දැඩි සේ විරුද්ධ විය. විරෝධතාව විසුරුවා හරින්න යැයි ඔහු මලික්ට උපදෙස් දුන්නේය. පසු කලෙක චන්ද්‍රිකාගේ දේශපාලන අගසව් වූ මංගල යූ.ඇන්.පී.යට ආ විට ඔහු කීවේ එම විරෝධතා දිනයේ තමාද චන්ද්‍රිකා සමග ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෙලිකොප්ටරයක නැඟී හොරගොල්ල වලව්වට ගිය බවත්, විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරය හෝ කාර්යාලය වට කළහොත් චන්ද්‍රිකාට හොරගොල්ලෙන් වහාම කටුනායක ගුවන් තොටුපළට ගොස් විදේශගත වෙන්න හෙලිකොප්ටරයක් හොරගොල්ලේ නතර කර තිබූ බවත්ය.

‘මැඩම්, අපි ඔක්කොම බයවෙලා හිටියේ. මිනිස්සු ජනාධිපති කාර්යාලය වට කළොත් මැඩම් රට යන්න ප්ලෑන් කරගෙන හිටියේ…’

මේ මංගල සහ ශ්‍රීපති පසු කලක යූ.ඇන්.පී. ප්‍රබලයන්ට කී කතාවය. හැබැයි ඒ වෙලාවේ චන්ද්‍රිකාට වඩා රනිල් බයවෙලා හිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය හෝ මන්දිරය වටකරයි කියලාය. විරෝධතාකරුවන්ට විසිර යන්න උපදෙස් දුන් රනිල්, චන්ද්‍රිකා එක්ක සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න මලික්ව යැව්වේය. රනිල්ට ජනාධිපති වෙන්න තිබුණු හොඳම අවස්ථාව රනිල් නැති කරගත්තේ එහෙමය.

මේ කතාව මෙහෙම මතක් කරන්න වුණේ ලංකාවේ විපක්ෂයක් කවදාවත් අරලියගහ මන්දිරය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය වට කිරීම වැනි අවදානම්සහගත තීන්දුවක් ගන්න බයවී සිටි බව කියන්නටය.

1953 ඇන්.ඇම්.ලා කොල්වින්ලා පාරේ හර්තාල් කළා මිස එවක අගමැති ඩඩ්ලි පදිංචිව සිටි අරලියගහ මන්දිරය වටලන්න යන්න බිය වූහ. ජේ.ආර්., බණ්ඩාරනායකගේ ආණ්ඩුවට එරෙහිව නුවරට පාගමන් ගියා මිස අරලියගහ මන්දිරයට ගියේ නැත. 1970 බලයට පත් බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුවට එරෙහිව ජේ.ආර්. කොළඹ නගර සභාවේ සත්‍යග්‍රහයක් කළා මිස නුවරට පාගමනක් ගියා මිස අරලියගහ මන්දිරයට ගියේ නැත. බණ්ඩාරනායක මැතිනිය ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහිව 1987 කොටුව බෝගහ ඉදිරිපිට සත්‍යග්‍රහයක් කළා මිස ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ නැත. මහින්ද රාජපක්ෂ කොළඹ විහාරමහා දේවියේ සිට කතරගමට පයින් ගියා මිස ප්‍රේමදාසට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ නැත. මැතිනිය චන්ද්‍රිකා සමග හොරගොල්ලේ බණ්ඩාරනායක සමාධියේ සිට කොළඹ ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුවට පෙළපාළියකින් ආවා මිස ප්‍රේමදාසට එරෙහිව ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ නැත. රනිල් සහ ගාමිණී අතුකෝරාළ නුවර සිට කොළඹ විහාරමහා දේවියට පෙළපාළියකින් ආවා මිස ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ නැත. 2005 රනිල් සහ තිස්ස කතරගම සිට කොළඹ ටවුන්හෝල් එකට පෙළපාළියෙන් ආවා මිස ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ නැත. මහින්ද 2015ට පසු ගෝල්ෆේස් පිට්ටනියට, ලේක්හවුස් වටරවුමට විරෝධතා සීමා කළා මිස ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ නැත.

බය නැතිව ජනාධිපති ලේකම් කාර්යාලය වටකොට විරෝධතාවක් දියත් කළ පළමු විපක්ෂය සහ පළමු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයය. ජනාධිපතිවරයෙක් බලයට ඇවිත් වසර 02ක් වැනි කාලයක් තුළ ආණ්ඩුවක් බලයට ඇවිත් වසරක් තුළ කොළඹට ජනතාව එක්රැස් කොට ජනාධිපති ලේකම් කාර්යාලය අසල ගෝල්ෆේස් හෝටලය ඉදිරියේ විරෝධතාවක් දියත් කළ පළමු විපක්ෂ නායකයාත් සජිත්ය. ඒ, 2021 නොවැම්බරයේය. ඒ, කොරෝනා නිසා මිනිස්සු පාරට බහින්නත් බය කාලයේය. ඔහු එලෙස කොළඹට ජනතාව ඒකරාශි කළේ තුනෙන් දෙකක බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවකට එරෙහිවය.

විපක්ෂයක් හැටියට යූ.ඇන්.පී.ය ආණ්ඩුවකට එරෙහිව කළ ලොකුම විරෝධතාව 2005 ජනාධිපතිවරණය ඉල්ලා කළ විරෝධයය. ඉන් පසු මහින්ද ජනාධිපති වී 2005 සිට 2015 තෙක් වසර 10ක් තුළ රනිල්ගේ නායකත්වයෙන් යූ.ඇන්.පී.ය කොළඹට ජනතාව ඒකරාශි කරන දැවැන්ත විරෝධතා ව්‍යාපාර එකක්වත් කළේ නැත. රනිල්ගේ නායකත්වයෙන් යුත් යූ.ඇන්.පී.ය 2005ට පසු යළි ජනතාව කොළඹට ඒකරාශී කළේ මෛත්‍රිපාල, රනිල්ව අගමැති ධුරයෙන් පහකළ විටදීය. එය දැවැන්ත විරොධතාවක් නොවීය. එයත් කළේ අරලියගහ මන්දිර වටරවුමේය. රනිල් බලෙන් අරලියගහ මන්දිරය අල්ලාගෙන සිටියේය. 2005 යූ.ඇන්.පී. පෙළපාළියට පසු දැවැන්ත ජනතා විරෝධතාවක් කොළඹදී පැවැතියේ මෛත්‍රි-රනිල් ආණ්ඩුවට එරෙහිව ගෝල්ෆේස් පිට්ටනියේය. එය සංවිධාන කළේ බැසිල්ය. 2019 ගෝල්ෆේස් පිට්ටනියේ පැවැති සජිත්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කරන රැලිය යූ.ඇන්.පී.ය ආණ්ඩුවේ සිටියදී සංවිධාන කළ එකකි.

එහෙම බලන කොට සජිත්ගේ සමගි ජන බලවේගයේ විරෝධතාව ලංකාවේ දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි. මන්ද, මෙරට ප්‍රධාන විපක්ෂයක් ජනාධිපති කාර්යාලයට ගොස් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක අංශ සමග ගැටෙන විරෝධතාවක් කිසි දිනෙක ලංකාවේ දේශපාලන විරෝධතා ඉතිහාසයේ සිදුවී නැත. සජිත් 2021 නොවැම්බරයේ ජනාධිපති ලේකම් කාර්යාලයට පේන මානයට ජනතාව ඒකරාශී කොට බලය පෙන්වීය. පසුගිය සතියේ ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුවටම ජනතාව ඒකරාශී කොට බලය පෙන්වීය.

මේ පණ නැහැ කිව්ව සජිත්ය. ගෝඨාභයට නම කියල ගහන්න බය යැයි කීව සජිත්ය. දුර්වලයෙක් යැයි කී සජිත්ය. ගෝඨාභය එක්ක ඩීල් දමලා යැයි කී සජිත්ය.

‘පිලිපීනයේ, තායිලන්තයේ මිනිස්සු ජනාධිපති මන්දිර කාර්යාල වටකරනවා. ඒත් ලංකාවේ මිනිස්සු තාම ඒකට සූදානම් නැහැ. බයයි…’

මේ, කාලයක් තිස්සේ මෙරට දේශපාලන පණ්ඩිතයන් කියන කතාවය. ඒත් සජිත්ගේ සමගි ජන බලවේගය ඒ කතාව වෙනස් කර පෙන්නුවේය. පණ නැහැ කිව්ව, දුර්වලයි කිව්ව, පණ බයයි කිව්ව, මෝඩ පුතා කිව්ව සජිත් මිනිසුන්ගේ ඒ බය නැතිකිරීම හරියට යුක්රේනයේ විකටයා කිව්ව සෙලෙන්ස්කි ලොව ශක්තිමත්ම මිනිසා කිව්ව පුටින්ට ගහන්න බය නැති කරගත්තාට සමානය. 2019 ජනාධිපතිවරණයේ පුටින්ට ඇන්දේ ගෝඨාභයය. රාජපක්ෂවාදීන් සජිත්ව ඇන්දුවේ සෙලෙන්ස්කි කියන යුක්රේන ජනාධිපති අපේක්ෂක විකටයාටය. අද රුසියාවයි, යුක්රේනයයි බලන විට වීරයා වූ පුටින් විකටයා වී ඇත. විකටයා වූ සෙලෙන්ස්කි වීරයා වී ඇත. ලංකාවේත් විකටයා, වීරයා වී ඇත.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මහජන බැංකුවෙන් ටි‍්‍රලියනයක ඒකාබද්ධ මූල්‍ය පහසුකම්…

Next Post

සෙනඟද මැෂිමද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.