• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මහජන බැංකුව ඉතා අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ ශක්තිමත් සහ ස්ථාවර ගමනක…

June 5, 2022
in Business
Reading Time: 2 mins read
A A
මහජන බැංකුව ඉතා අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ ශක්තිමත් සහ ස්ථාවර ගමනක…
Share on WhatsAppShare on Facebook

2022 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 7.4ක ඒකාබද්ධ බදු පසු ලාභයක් වාර්තා කරයි.

2022 මාර්තු 31 වැනි දින වන විට ඒකල බැංකු පදනම මත ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත වන 15.7% සහ සමූහ පදනම මත 16.1%ක් පවත්වාගෙන යාමට සමත් වෙයි.

ඒකාබද්ධ වත්කම්, තැන්පතු සහ ගනුදෙනුකරුවන්ගේ අත්තිකාරම් 10.6%, 6.2% සහ 1.1% ලෙස ඉහළ යමින් පිළිවෙළින් රුපියල් ටි්‍රලියන 3.1, ටි්‍රලියන 2.3 හා ටි්‍රලියන 2.0 දක්වා වර්ධනය වෙයි.

ඉහළ යන උද්ධමන තත්ත්වය තුළ පවා සමස්ත මෙහෙයුම් වියදම 2021 වසරේ පළමු කාර්තුව හා සමාන මට්ටමක පවත්වාගෙන යයි.

2021 පළමු කාර්තුව අවසානයේ වාර්තා වූ 64.0% හා සැසඳීමේදී සමස්ත ගනුදෙනුවලින් 70.0%කට වැඩි ප්‍රමාණයක් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිදුකරමින් බැංකුවේ ඩිජිටල් සේවාවන් තව දුරටත් ශක්තිමත් කරයි.

මහජන බැංකුව, සිය ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් ආදායම 51.9%ක වර්ධනයක් සමග රුපියල් බිලියන 42.6ක අගයක් වාර්තා කරමින් 2022 මාර්තු 31න් අවසන් වූ වසරේ පළමු කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී. පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ වුවද එහි සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 13.1ක් වූ අතර, එය 0.3%ක පමණ සුළු වර්ධනයක් විය.

ඒ තුළින් අඛණ්ඩ පදනමක් මත සිදුකරනු ලබන මහජන බැංකුවේ යහපත් පිරිවැය කළමනාකරණයේ හා කාර්යක්ෂමතාවයේ වර්ධනය මනාව පිළිබිඹු වේ. එම කාර්තුව තුළ මහජන බැංකුව වාර්තා කරන ලද ඒකාබද්ධ බදු පෙර ලාභය රුපියල් බිලියන 11.0ක් වූ අතර, එය 2021 වසරේ එම කාලය හා සැසඳීමේදී 9.8%ක වර්ධනයක් ලෙස දැක්විය හැකිය.

2022 පළමු කාර්තුව තුළ සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායමෙන් 71.4%ක් හෙවත් රුපියල් බිලියන 30.4ක් ශුද්ධ පොලී ආදායම් වූ අතර, එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 29.2%කින් ඉහළ යාමක් ලෙස වාර්තා විය. එහි වත්කම් වර්ධනය හා ශුද්ධ පොලී ආන්තිකය 2021 පළමු කාර්තුවේ වාර්තා කළ 3.6% සිට 4.1% දක්වා වර්ධනයක් පිළිබිඹු කරන ලදි.

පසුගිය කාලය තුළ සිදු වූ රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස එම කාල පරිච්ඡේදය තුළ හඳුනාගනු ලැබූ රුපියල් බිලියන 3.4ක විදේශ විනිමය ශුද්ධ ලාභය හැරුණු විට වෙනත් ආදායම් මාර්ග වැඩි දියුණු කිරීමේ උත්සාහයන් පිළිඹිබු කරමින් 2021 පළමු කාර්තුව තුළ වාර්තා වූ 13.0%ට සාපේක්ෂව 20.0%කට වැඩි පොලී මත පදනම් නොවන ආදායමක් වාර්තා කිරීමටද මහජන බැංකුව සමත් විය.

SendShareShare
Previous Post

හෙට බස් නෑ!

Next Post

විමල් ප්‍රසිද්ධියේම උසාවි තීන්දුවට පහර පිට පහර ගහයි! තීන්දු දෙන්න ඕනෙ ක්‍රමය එකින් එක කියල දෙයි! මොනර කොළවලට රට විනාශ කරන්න එපා කියයි! (VIDEO)

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.