ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන ප්‍රමුඛතම දේශිය කිරි සන්නාමයක් වන පැල්වත්ත දේශිය ගොවි සුබසාධනයේ පෙරගමන්කරු වශයෙන්ද කටයුතු කරයි. ඒ අනුව වර්තමාන ආර්ථික දුෂ්කරතා හමුවේ පිඩාවට පත්ව සිටින දේශිය කිරි ගොවි ප්‍රජාව නඟාසිටුවිමේ අරමුණින් නව ගොවි සුබසාධන ව්‍යාපෘතියක් ආරමිභ කිරීමට කටයුතු කර ඇත.
පැල්වත්ත සමාගමේ SAPP ප්‍රදානය කිරිමේ උත්සවය පසුගියදා කැකිරාව කිරි එකතුකිරීමේ මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබු අතර SAPP යනු හුදෙක් මුල්‍යම ප්‍රදානයක් පමණක් නොවන අතර එය එක්සත් ජනපදයේ කෘෂිකර්ම දේපාර්තුමේන්තුව (USDA) හා ජාත්‍යන්තර විධායක සංස්ථාව (IESC) විසින් කිරි නිෂ්පාදනයේදී ගොවීන් සවිබල ගැන්විමේ ව්‍යාපෘතියක් ලෙසද දායකත්වය ලබාදෙනු ලබයි.
පැල්වත්ත කර්මාන්ත ශාලාවලින් උසස් තත්ත්වයේ කිරි සැපයුමක් පවත්වාගැනීම සඳහා සමාගම විසින් සිය ගොවීන්ට නිරතුරුවම දිරිගැන්වීම් ලබාදීම සිදුකරයි. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින කිරි ගොවීන් විශාල ප්‍රමාණයක් පැල්වත්ත සමාගම වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙයි.