OPPO සමාගමේ නවතම දුරකතන මාදිලිය වන OPPO Reno2 F ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දීම සඳහා මෙරට ජනප්‍රිය රංගන හා ගායන ශිල්පියකු වන රවීන් කනිෂ්ක සහ රංගන ශිල්පිනියක වන විනු සිරිවර්ධනද පසුගියදා දායක වූ අතර Reno2 F ත් මාදිලියේ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් OPPO සමාගම විශේෂ ඡායාරූප සැසියක් සංවිධානය කර තිබිණි. රවීන් සහ විනු එක්වූ එම ඡායාරූප සැසිය ගාලු කොටුවේදී සභ උණවටුන ප්‍රදේශයේ පැවැත්වුණු අතර එහි ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කළේ පෝලන්ත ජාතික සුප්‍රකට ඡායාරූප ශිල්පී ඇඩම් බ්ලැක්ය.
48MP quad-camera පද්ධතියක්, රාත්‍රී ඡායාරූප සුපැහැදිලි කරමින් මිනිස් ඇසට නොපෙනෙන දේ පවා කැමරාවට හසුකරගන්නා Ultra Night Mode සහ ඉතාමත් ස්ථාවර සහ පැහැදිලි වීඩියෝ දර්ශන ලබාදෙනSteady Video තාක්ෂණය වැනි විශේෂාංග රාශියක් OPPO Reno2 F මාදිලියට ඇතුළත් වී ඇත.











