ලබන 18 වැනි දින වනතෙක් රජයේ ආයතනවලට සභාපතිවරුන් පත් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව දැනගන්නට ඇත.
අදාළ ආයතනවල සභාපති ධූර සදහා පත්වීමට කැමැති සුදුස්සන් සිටී නම් ඊට අයැදුම් කරන ලෙසට රජය විසින් දැන්වීම් පළ කොට තිබීමත්, ඊට සුදුස්සන් තෝරා ගැනීම සදහා විශේෂඥ කමිටුවක් පත් කර තිබීමත් මේ සදහා හේතු වී ඇති බව පැවසේ.
මේ හේතුව මත යම් ආයතනයකට ඊට පෙර සභාපතිවරුන් පත් කළහොත් අවශ්‍ය අයකුට අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමේ අවස්ථාවක් ලැබෙනු ඇතිි බවට ආණ්ඩුවේ ප්‍රධානීන්ට නීති උපදෙස් ලැබී ඇති බවක්ද දැනගන්නට තිබේ.
මේ තත්ත්වය මත ලබන 18 වන තෙක් ආයතන සභාපතිවරුන් පත් කිරීම කල් යනු ඇති බව පැවසේ.










