OPPO Reno2 F අලෙවිය ශ්රී ලංකාව තුළ ආරම්භ කිරීමේ උත්සවය පසුගියදා ලිබර්ටි ප්ලාසා සාප්පු සංකීර්ණයේදී පැවැත්විණි. OPPO Reno2 F මාදිලියෙහි විශිෂ්ට ඡායාරූපකරණය වෙනුවෙන්ම සැකසූ quad-camera පද්ධතියක් සමග Camera, 8MP Wide Angle Lens, 2MP Mono Lens සහ2MP Portrait Lens ඇතුළු අංග රාශියක් ඇතුළත් වේ.
මෙරට ජනප්රිය තරු දෙකක් වන රවීන් කනිෂ්ක සහ විනු සිරිවර්ධන වෙතින් තම දුරකතන ලබාගැනීමට ප්රථම පාරිභෝගිකයන් කිහිප දෙනාට හැකියාව ලැබිණි. මෙම තරු යුවළ OPPO Reno2 F මෙරටට හඳුන්වාදීමේ පටන්ම ඒ සමග අත්වැල් බැඳගෙන සිටියහ.
ආලෝකය 1 lux මට්ටමට අඩුවෙන් පවතින අවස්ථාවලදී පවා දෘඪාංග වැඩිදියුණු කිරීම් හා කෘත්රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් පියවි ඇසේ සීමාවන් ඉක්මවා යමින් රාත්රී ඡායාරූප සුපැහැදිලි ලෙස ලබාදීමට OPPO Reno2 F මාදිලියට හැකියාව ඇත.
ලොව දුරකතන ක්ෂේත්රයට OPPO හඳුන්වා දෙන ලද පෙරළිකාරී තාක්ෂණයක් වන Ultra Steady Video Mode මගින් ඇවිදීම හෝ දිවීම වැනි ක්රියාකාරකම් සහ ක්රීඩාවල යෙදෙන අතරතුර පවා ඉතාමත් ස්ථාවර වීඩියෝ දර්ශන ලබාගත හැකි වේ. Electronic Image Stabilization සහ Optical Image Stabilization සහිත high sampling rate එකක් ඇති IMU measuring device එකක් සහ hull sensor එකක් යොදා තිබීම නිසා මෙවැනි ස්ථාවර වීඩියෝ දර්ශන ලබාගැනීමේ හැකියාව ලැබී ඇත.
රු. 74,990කට මිල කර ඇති OPPO Reno2 F දුරකතන මාදිලි ‘Sky White’ සහ ‘Lake Green’’ වර්ණවලින් ලබාගත හැකිය. මෙම දුරකතන දැන් දිවයින පුරා OPPO ප්රදර්ශනාගාර වෙතින් මෙන්ම අබාන්ස්, ඩයලොග්, සිංහගිරි, Daraz වැනි අලෙවිසල් වෙතින් මිලදීගත හැකිවේ.