ජනාධිපතිවරණයේ ප්‍රතිපල නිකුත් වීමෙන් අනතුරුව ජයග්‍රහණය සැමරීම සදහා මේ වනවිට එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම පොහොට්ටුවේ පාක්ෂිකයන්ද විශාල වශයෙන් රතිඤ්ඤා තොග රැස් කරමින් සිටින බව දැනගන්නට ඇත.
ඒ හේතුව මත මේ වනවිට වෙළෙදපොළේ රතිඤ්ඤා හිගයක් හටගෙන ඇති බවද වාර්තා වේ.
ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලය ඉරිදා (17) සවස් වරුව වනවිට ලබා දිය හැකි බව මැතිවරණ කොමිසම මීට පෙර අනාවරණය කර සිටියේය.