ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහයේ අතිසුඛෝපභෝගී සහධිපත්‍ය නිවාස ව්‍යාපෘතිය (Condominium Project) වන කොළඹ 07 The Grand, Ward Placeහි අතිවිශිෂ්ට නිමාවකින් යුත් Display Suite පාරිභෝගිකයන් වෙත විවෘත කරන ලදී. මේ වන විටත් The Grand Ward Placeහි ඉදිකිරීම් අවසන් අදියරට ළඟා වෙමින් පවතින අතර එහි අභ්‍යන්තර අලංකරණ කටයුතුද ආරම්භ කර ඇත. අග්‍රගණ්‍ය නිමාවකින් යුතුව නවීනතම තාක්ෂණික ක්‍රමවේද මුසුකොට නිමවෙන මෙම නිවාස නිදන කාමර දෙකේ සිට හතර දක්වා වූ අතිසුඛෝපභෝගී නිවාස මෙන්ම duplex penthouses ඇතුළු නිවාස 332කින් සමන්විත වේ.
දැනටමත් නිවාස මිලදීගත් මෙන්ම මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින්ට, වේලාවක් වෙන් කරවා ගෙන The Grand, Ward Place අතිසුඛෝපභෝගී Display Suite අත්දැකීම විඳගැනීමට හැකි බව එහි කළමනාකාරීත්වය පවසයි.