ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් එළැඹෙන ආසියානු සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී නිසැක වශයෙන්ම මවුබිමට පදක්කමක් ලබාදිය හැකි බව ශ්‍රී ලංකා යොවුන් ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ද සිල්වා පවසන්නීය.
ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල අතරතුර ඇය මාධ්‍ය වෙත දක්වමින් මේ බව පැවැසූවාය. ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වෙමින් ඇය ලැබූ අත්දැකීම් ඉදිරි පදක්කම් ජයග්‍රහණයන් සඳහා නිසැක වශයෙන්ම ඉවහල් වනු ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
එමෙන්ම NOCSL-CRYSBRO Next Champ ක්‍රීඩා ශිෂ්‍යත්වය පිරිනැමීම පිළිබඳ ඇය ක්‍රිස්බ්‍රෝ ආයතනයට ස්තුතිය පළ කළ අතර, ජාතික ඔලිම්පික් කමිටුවේ මැදිහත් වීමෙන් ජිම්නාස්ටික් ක්‍රීඩාව වැඩිදුරටත් ප්‍රගුණ කිරීම සඳහා 2024 දක්වා ඇයට ජපානයේ ශිෂ්‍යත්වයක් ලැබී ඇත.











