ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීල්සීහි ව්‍යාපාර විසඳුම් අංශය වන ඩයලොග් එන්ටප්‍රයිස් (Dialog Enterprise), Google Cloud ආයතනය සමග නව සහයෝගීතාවකට එළඹ තිබේ. ඒ අනුව මෙරට සියලු පරිමාණවල ව්‍යාපාරවලට අවශ්‍ය ව්‍යාපාරික ප්‍රගතිය සාධනය කරගැනීමට මෙන්ම සේවක ඵලදායීතාව ඉහළ නංවාගැනීමට අවස්ථාව හිමිකර දෙමින්, ඔවුන් අතර පවතින සබැඳියාව තවදුරටත් වර්ධනය කරගනිමින්, එම ව්‍යාපාර සමග කටයුතු කරන ගනුදෙනුකාර භවතුන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගීතා මෙවලම් (Collaboration Tools), මේල් ස්ටොරේජ් යනාදී සේවා, ඩයලොග් එන්ටප්‍රයිස්හි සහායෙන් මෙරට තුළ පහසුවෙන් ලබාගැනීමට මෙම සහයෝගීතාව මනා පිටිවහලක් වනු ඇත.











