රටක අනාගතය තීරණය වන්නේ එරට දරුවන්ගේ වර්තමාන යහපැවැත්ම මතයි. ඒ වෙනුවෙන් දරුවන් හැඩගැස්වීම දෙමාපියන්ගේ වගකීමක් පමණක්ම නොවන අතර රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනද රටේ දරුවන් උදෙසා විශේෂ අවධානයක් යොමු කිරීම වඩාත් වැදගත් වෙයි. ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට දරුවන්ව ඉතුරු කිරීමට හුරු පුරුදු කිරීම උදෙසා දරුවන් සඳහාම වෙන්වූ විවිධ වූ වැඩසටහන් සෑම වසරකම දියත් කරනු ලබයි. එහි එක් පරිච්ජේදයක් ලෙස එළැඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන් වෙත ‘සිඟිති ජම්බෝ අවුරුදු’ වැඩසටහන පසුගියදා හඳුන්වා දෙනු ලැබුවේ විවිධ මාදිලියේ ආකර්ෂණීය ත්‍යාග හා වවුචර්පත් දිනාගැනීමේ අවස්ථාවද හිමිකර දෙමිනි.
ඒ යටතේ මාර්තු 15 වැනි දින සිට අප්‍රේල් 29 වැනි දින දක්වා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන වයස අවුරුදු 16ට අඩු සියලුම HNB සිඟිති සහ ළමා ගිණුම් හිමියන් වෙත වටිනා තෑගි හා සුවිශේෂ ප්‍රතිලාභ රැසක් HNB විසින් හිමිකර දෙනු ඇත.