දේශයේ සුවිශාලතම ඉතුරුම් විශේෂිත මූල්‍ය ආයතනය වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2022 වසරේදී සිය 50 වැනි අභිමානවත් සංවත්සරයට පා තැබීමට නියමිතයි. එදා 1972 වසරේදී එවකට මුදල් අමාත්‍ය ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද වන විට ශ්‍රී ලාංකීය ජනතාව වෙත ඉතුරුම්කරණය සහ බැංකු සේවාවන් නව මුහුණුවරකින් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අග්‍රඵලයන් සමග එකට කැටි කොට සමීප කිරීමට සමත්ව තිබෙනවා. වසර පනහකට ආසන්න ජයග්‍රාහී ගමනේ තවත් එක් සුවිශේෂ අවස්ථාවකටයි ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද පැමිණ සිටින්නේ.
විශාල මුදල් ප්‍රවාහයන් එක් එක් වශයෙන්, වඩාත් සුරක්ෂිතව හා එවලේම (Real Time) ඕනෑම බැංකුවකට ෂේ්‍රණය කිරීමේ පහසුකම එනම් Real Time Gross Settlement (තත්කාලීන දළ පියවීම් පද්ධතිය) තත්ත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම සේවාව නිසා ඉතා විශාල මුදල් ප්‍රමාණයන් සැණෙකින් හුවමාරු කිරීමේ අවස්ථාව අප ගනුදෙනුකරුවන්ට හා බැංකුවේ අභ්‍යන්තර මෙහෙයුම් ක්‍රියාවලීන්ට හිමිවෙනවා. RTGS සාමාජිකත්වය ලබාගැනීම මගින් අපගේ ගනුදෙනුකරුවන්ට ඕනෑම මුදල් වටිනාමක් RTGS පහසුකම සහිත වෙනත් බැංකුවකට මාරු කළ හැකියි. එනම් මෙම ක්‍රමයේදී උපරිම මුදල් සීමාවක් නොමැත, ඕනෑම දිනක ඕනෑම මොහොතක ඔබගේ බැංකුකරණ යෙදවුම මගින් හෝ අන්තර්ජාල බැංකුකරණ සේවාව මගින් බැංකු ශාඛාවකට නොයා නිවෙසේ සිටම හෝ රාජකාරියේ යෙදෙන අතරතුර පහසුවෙන් මුදල් යොමු කිරීමට හැකිවේ.